Colombo Today Local News

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

මිනුවන්ගොඩ රෝහලේ ඉදිකිරීම් කටයුතු කිරීම සදහා පැමිණි නාවික හමුදාවේ 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම තුල සිටි 5 දෙනෙකු කොරෝනා ආසාධිත බව [අසුගිය 36 දිනයේ හදුනා ගන්නා ලදී අද දිනයේ තවත් සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා අසාධනය වී ඇති බව වාර්තා වෙයි ඉදිකිරීම් කල කාල තුල එහි නිරීක්ෂණ කටයුතු සදහා ගිය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කණ්ඩායම අද දින රෝහලට පැමිණ pcr පරීක්ෂණය සදහා පෙනී සිටින ලදී

එහෙත් මිනුවන්ගොඩ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය එම ඉදිකිරීම් ආරම්භ කල පසුගිය අප්‍රේල් 10 වෙනිදා සිට ඊයේ දිනය දක්වා සති තුනකට වැඩි කාලයක් එම නාවික හමුදා සෙබළුන් සමග එක්ව කටයුතු කර එම සෙබළුන් රෝහල් කාර්ය මණ්ඩලය සිටින රෝහලේ සෑම ස්ථානයකම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායක වී ඇත

එම සෙබළුන් කාර්ය මණ්ඩලය රැදී සිටි කාමර තුලද රැදී ඇත ඊයේ දිනයේ සිට මිනුවන්ගොඩ රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය දැඩි තැති ගැන්මකට ලක්ව ඇත එම කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙකු අප සමග සදහන් කලේ සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය අවධානමකට ලක්ව ඇති මොහොතක එම කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ සිදුකිරීම කල යුතු වුවද අද දිනයේ මේ දක්වා එම රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය 150 දෙනෙකුගෙන් 10 දෙනෙකුගේ පමණක් PCR පරීක්ෂණ කර ඇති බව සදහන් කරන ලදී.එම එම පරීක්ෂණ 10 ද රෝහල් සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත සිදුකල බවත් එම 10 දෙනාගේ පරීක්ෂණ වල ප්‍රතිපල මත කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ සිදුකිරීම කරන බවට දැනුම් දුන් බව එම රෝහලේ ප්‍රක්ෂකයා සදහන් කරන ලදී

ඔහු වැඩි දුරටත් සදහන් කලේ කොරෝනා අසාධිතයින් සිටි ගම් එකවර ලොක් ඩොවුන් කිරීම සිදුකරණ තත්වයක රෝහල තුල සති තුනකට ආසන්න කාලයක් කටයුතු කල නාවික හමුදාවේ සාමාජිකයන් 5 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇති නිසා තම රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුකර PCR පරීක්ෂණ සිදුකිරීම කලයුතු බවත් තව දුරටත් එම පරීක්ෂණ පමා කිරීම තුල මිනුවන්ගොඩ රෝහල පමණක් නොව ප්‍රදේශයම අවධානමේ හෙලීමක් බව සදහන් කරයි.

කොරෝනා ආසාධිත රෝගීන් භාරගන්නා ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රධානතම රෝහල මිනුවන්ගොඩ රෝහල ලෙස නම් කර ඇත ඊයේ දිනයේ නාවික හමුදාවේ කොරෝනා ආසාධිත සෙබළුන් 5 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අද දිනයේද තවත් කොරෝනා ආසාධිත රෝගීන් 4 දෙනෙකු රෝහලට ඇතුලත් කර ඇත මෙවැනි තත්වයක් තුල තම කාර්ය මණ්ඩලය පත්ව ඇති අපහසු තාවය සහ පීඩනය බලධාරීන් නිලධාරීන් සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසත් අද දිනයේ රෝහලට පැමිණි වසංගත රෝග පිළිබධ වෛද්‍ය ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයා ඉල්ලා සිටින ලදී.

මෙම පුවත උපුටා ගන්නා ලද්දකි:
මුල් පුවත : https://lankaabcnews.com/2020/04/27/staff-at-minuwangoda-hospital-say-they-have-to-perform-pcr/?fbclid=IwAR3_-ToK7MOuZF5ciZBc9S1Nmbb-RGUEvaNsiy1OxMqhD4TuzkHwG5tCTuc

Related posts

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

colombotoday

හරීන් එන්නත්කරණයට බෑ කියයි

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin

21ට කැබිනට් අනුමැතිය

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin