Colombo Today Local Newsfeatured

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මහවැලි මොරගහකන්ද කලාපයේ මා ඔය සහ තෝරපිටිය ගොවීන් අද වන විට කබලෙන් ළිපට වැටී ඇත. රජරට ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ කාබනික ගොවිතැන සහ දේශීය වී වගාව නිසා මෙලෙස ගොවීන් අසරණ වී ඇත.

මොරගහකන්ද කලාපයේ කළු ගඟ ජලාශයෙන් ජලය ලබා දෙන ගොවිබිම්වල ගොවීන්ට මේ ආකාරයට මහවැලිය මගින් බිත්තර වී සහ කාබනික පොහොර ලබා දී ඇත. ඒ ලබා දුන් ආකාරයට, ඒ උපදෙස් මත, ගොවීන් වගා කටයුතු කළද අස්වැන්න නෙලීමට ආසන්න වෙමින් තිබියදී ගොවිබිම් සියල්ල විනාශ වෙමින් පවතී. ගොයම් ගසට කිසියම් රෝගයක් වැළඳී ගස වර්ධනය බාල වී කලක් යත්ම මැරී යයි.

ගොවියන් පවසන්නේ ගොයම් ගස කහ පාට වී සුදු පැහැති ගොබයක් හට ගෙන ගස විනාශ වී යන බවයි. අදාළ අංශ දැනුවත් කළ විට ඔවුන් පවසා ඇත්තේ, පස සරුභාවයක් සහ ජලය ආම්ලිකතාවක් නිසා මෙය සිදුවන බවයි.

පරීක්ෂණයක් නොකර මේ ආකාරයට කාබනික පොහොර භාවිතා කර වගාවට ගොවීන් යොමු කරලීම මගින් ගොවීන් අන්ත අසරණ වී ඇත. ගොවින් පවසන්නේ ඔවුන්ට වගා කටයුතු සඳහා වැය වූ මුදලවත් ගණන් බලා වන්දියක් ලෙස ලබාදෙන ලෙසයි.

බකමුණ මදුශංක.

Related posts

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday

S&P මෙරට දිගු කාලින ණය ශ්‍රේණිගත කිරිම් පහත හෙළයි.. එය ආසාධාරණ ක්‍රියාවක්.. මහ බැංකුව කියයි

colombotoday

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday