extremism & terrorism activitiesWorld

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පෙරේදා (28) මාධ්‍යයට කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව අදහස් දක්වමින් මැලේසියාවේ පැවැත්වූ මුස්ලිම් ආගමික වැඩසටහනකට සහබාගිවු පුද්ගලයින් පිරිසක් පිළිබඳව කරුණු වාර්තා කර සිටියා.

ඒ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී කොරෝනා වෛරස ව්‍යාප්තියට බලපෑ විදේශිකයන් 1,500 ක් ඇතුළුව 16,000 ක් සහභාගී වූ සමුළුවක් පිළිබඳව කරුණු වාර්තා වේ.

ලෝකය පුරා පැතිරී ඇති නව කොරෝනා වසංගතය ආසියාවේ ආසාදිතයින් සිය ගණනකගේ මූලාශ්‍රය ලෙස මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයට ආසන්නයේ පිහිටි golden-domed මුස්ලිම් පල්ලියේ පෙබරවාරි 27 සිට මාර්තු 1 දක්වා පැවති මෙම සමුළුව හේතු වී තිබේ.

මෙ අවස්ථාවට සහභාගී වූ 34 හැවිරිදි මැලේසියානු පුද්ගලයෙකු මාර්තු 17 මිය ගිය බව මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ආදම් බාබා මහතා මාධ්‍යයට පවසා ඇත.

මැලේසියාවේ හඳුනාගන්නා ලද රෝගීන් 673 න් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙම සිව් දින රැස්වීමට සම්බන්ධ පුද්ගලයන් බව ආදම් බාබා මහතා මාධ්‍යයට පවසා ඇත.

මැලේසියාවේ පැලවත් මුස්ලිම් ආගමික කොට්ඨාශයක් වන, ශතවර්ෂයකට පෙර ඉන්දියාවේ මුල් බැසගත් ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයක් ලෙස හැඳින්වෙන “තබ්ලික් ජමාත්” සංවිධානය පෙබරවාරි 27 සිට මාර්තු 1 දක්වා පැවති සමුළුව සංවිධානය කර ඇත.

al-jazeera මාධ්‍යාතනය මේ පිළිබඳව වැඩිදුර අදහස් දැනගැනීම සඳහා උත්සහ කලද “තබ්ලික් ජමාත්” සංවිධානය ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කල බව වාර්තා කර ඇත.

උත්සවය පැවැත්වූ මුස්ලිම් පල්ලිය මාර්තු 17 අඟහරුවාදා දින වසා දැමීමට මැලේසියානු රජය ක්‍රියා කරන ලදි.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ප්‍රධානි රිස්වි මුෆ්ති ද තබ්ලික් ජමාත් අනුගාමිකයෙක් වන අතර මෙම සමුළුව සඳහා ශ්‍රී ලාංකික තබ්ලික් ජමාත් මුස්ලිම්වරු සහභාගී වුවාද යන්න පිළිබඳව සොයා බැලීම වගකිවයුත්තන් සතු කාර්යයකි.

වසා දමන ලද පල්ලිය

al-jazeera ඇසුරෙනි

Related posts

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අද

Admin

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මාර්ක් සකර්බර්ග්ට විරෝදය දක්වා Facebook සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙයි.

colombotoday