extremism & terrorism activitiesWorld

මොසැම්බික් මුස්ලිම් අන්තවාදීහු ගමකට පැන 50කගේ හිස් ගසා දමති

උතුරු මොසැම්බික්හි කාබෝ දෙල්ගාදෝ නැමැති ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදීන් එහි ගම්මානයක පුද්ගලයන් 50 දෙනකුට ආසන්න පිරිසක් පාපන්දු පිටියකට රැගෙන ගොස් හිස ගසා දමා කෲර ලෙස මරණයට පත් කර ඇත. මෙම අන්තවාදීන් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පිරිසක් බව පැවසේ. 2017 වසරේ සිටම මෙම අන්තවාදීන් ඉහත කී ප්‍රදේශයේ මෙවැනි ක්‍රියාවල නිරත වෙමින් සිටිනමුත් ඔවුන් විසින් සිදු කරන ලද දරුණුම ක්‍රියාව මෙය බව පැවසේ. එම ප්‍රදේශයේ වැසියෝ මෙම සිදුවීමෙන් දැඩි බියට සහ කම්පනයට පත්ව සිටින අතර ඉක්මනින් මෙම ගැටුම් සමථයකට පත් කරන ලෙස ඉල්ලමින් සිටිති.

ඉහත කී කාබෝ දෙල්ගාදෝ ප්‍රදේශය ස්වාභාවික සම්පත්වලින් ගහන ප්‍රදේශයක් ලෙස සැලකේ. නමුත් එහි ජනතාවට එයින් නිසි ප්‍රතිලාභ හිමිව නැති බවට චෝදනා එල්ල වෙයි. මෙම ප්‍රදේශය තුළ සිය බලය පිහිටුවා ගැනීම සඳහා සටන් කරන අන්තවාදීන් තම සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමේ දී ප්‍රදේශයේ පවතින දිළිඳු බව සහ විරැකියාව ප්‍රයෝජනයට ගන්නා බව සඳහන්ය. වසර කිහිපයක් තිස්සේ පවතින ගැටුම්වලින් මේ වනවිට 2,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර ලක්‍ෂ 4කට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමිව ගොස් තිබේ.

Related posts

ලොව ධනවත්ම යාචකයා

Admin

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

ISIS (ඉස්ලාම් රාජ්‍ය) විනාශ කරන්න ලෝකයම එකතුවන්න UN ආරක්‍ෂක මණ්ඩලයේදී ඒකච්ඡන්දයෙන් සම්මතයි

colombotoday

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday