Colombo Today Local News

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ – මුඟුණුවෙල අනුරුද්ධ හිමි

දේශපාලනයට ආගම සම්බන්ධ කර ගැනීම සමාජයම ගැටලු රැසකට හේතු වී ඇති බව ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ මහ ‍ලේකම් මුඟුණුවෙල අනුරුද්ධ හිමියෝ පවසති. ප්‍රාදේශීය වශයෙන් සිදුවන ගැටුම් අවම කිරීම පිණිස දිස්ත්‍රික් මට්ටමින් පිහිට වූ මාත‍ලේ දිස්ත්‍රික් කමිටුවේ ප්‍රථම රැස්වීමේදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

‘බුදු දහමට අනුව අපි සියලුම ආගම්වලට ගරු කළ යුතුයි. නමුත් පෞද්ගලික මතිමතාන්තර නිසා ජාතියක් වශයෙන් ගැටලු රැසකට මුහුණ පෑමට ඇතමුන්ට සිදුව තිබෙනවා. වර්තමානයේදී දේශපාලනයට සියලු ආගම් අනුගතකර ගැනීමට ගන්නා උත්සාහය ශාස්තෘවරුන්ගේ දේශනාවේ පවිත්‍රතාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරලා. බෞද්ධ පමණක් නොව අනෙකුත් ආගම්වලටද මේ තත්ත්වය ‍පොදුයි. ඇතැම් ආගම් පසුබෑමකට ලක්වීමට හේතුව මෙයයි. අපි ඒ ඒ ආගම්වල ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් අනුව ජීවත්විය යුතුයි. අපිට අයිති වැඩ පමණක් අපි කළ යුතුයි. එසේ නොකළ නිසා තමයි මේ විවිධ ගැටලුවලට අපට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.
බුදුන් වහන්සේ වදාළ ධර්මය අනුව අපේ අරමුණ අනුව, නිවන් යෑම පමණක්ම නොවේ ජනජීවිත සුරක්ෂිත කරමින් සෑම දෙනාම තුළම යම් අවිශ්වාසයක් නොමැතිව ජීවත්වීමයි වැදගත්. වර්තමානයේදී මුදල් සහ වෙනත් අන්දමේ උපකාර කරන මුවාවෙන් ආගම්වලට මිනිස්සු හරවා ගන්නවා. දේශපාලනයේදීත් එහෙමයි. දේශපාලනඥයාත් අද මුදලට විකිණෙනවා. දුප්පත් මිනිස්සුන්ට අද කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේවාට රාජ්‍ය අශයේ මැදිහත්වීමක් තිබිය යුතුයි.

උතුරු පළාතේ වෙහෙර විහාරස්ථාන රාශියක් විනාශ කරලා. මේ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අප ක්‍රියා කළ යුතුයි. අද නීතිය ක්‍රියාත්මක වීමේදී ඇති නැති අයට දේශපාලනඥයන්ට වෙනස් විදිහක්. නැතිබැරි එකාට වෙන විදිහක්. එහෙම සිදු නොවිය යුතුයි. සැමටම එක හා සමානව සිදුවිය යුතුයි. දේශපාලනය හා ආගම දෙකක්. දේශපාලනය නිසා සෑම ආගමකටම සිදුව ඇති හානිය වැඩියි.
මෙම කමිටුවට මාත‍ලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ‍ලේඛකාධිකාරී පුඩලුගස්යායේ ධම්මසිද්ධි හිමි, අන්‍යාගාමික පුජකවරුන් මධ්‍යම පළාත් සහා මන්ත්‍රී ඒ.එච්.එම්.ඉබ්‍රාහීම්. මාත‍ලේ අතිරේක දිසාපති ප්‍රසන්න මදනායක, අතිරේක දිසාපති (ඉඩම්) ඉෂාන් විජේතිලක, මාත‍ලේ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි අයි.බි.ටී. සුගතපාල, මාත‍ලේ කොට්ඨාස භාර යුද හමුදා අණදෙන නිලධාරී ගාමිණි වික්‍රමගේ, මාත‍ලේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි. ගොඩමුන්නේ. මාත‍ලේ රතු කුරුස සංගමයේ සභාපති සනත් දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Related posts

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයි

colombotoday

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

colombotoday

20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.

colombotoday

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday