Colombo Today Local News

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට සදහා මුලතිව් මුල්ලිවයික්කාල් හී පැවැත්වූ සැමරුමට ගමන් කළ ජනතාව වෙනුවෙන් සිසිල් බීම සංග්‍රහයක් ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු යුධ හමුදා නිළධාරීන් කටයුතු කර තිබෙනවා.

මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වු අතර අදාළ පිරිස් වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන් විසින් සිසිල් බීම සංග්‍රහයක් ලබාදුණි.

මුල්ලිවයික්කාල් සැමරුමට එක්වු පිරිසක් පැවසූවේ යුධ හමුදා නිළධාරීන් සිදුකළ ක්‍රියාව අගය කරන බවයි.

මුලතිව්,පුදුකුඩිඉරිප්පු ප්‍රදේ‍ශයේ යුධ හමුදා නිළධාරීන් විසින් බීම සංග්‍රහය සිදුකළ බව මුලතිව් යුධ හමුදා නිළධාරීන් පැවසීය.

උතුරේ ආරක්ෂක අංශ පැවසූවේ ජාති භේද නොතකා සියළු ජනතාව සහජීවනයෙන් ජිවත්වීමේ වටපිටාවක් වර්තමානයේ සැකසී ඇති බවයි.

Related posts

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

උඩුවේ හිමිට ඇප.. අලි පැටවා ළග තබාගත්තාට නීතිපතිගෙන් අධි චෝදනා !

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday