extremism & terrorism activitiesWorld

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

ඊජිප්තු අධිකරණය විසින් මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) සාමාජිකයින් 24 දෙනෙකුට පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

රජයට අයත් අල්-අහ්රාම් පුවත්පත පැවසුවේ පොලිස් බස්රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ ප්‍රාදේශීය නායක මොහොමඩ් ස්වයිදාන් ඇතුළු මුස්ලිම් සහෝදරත්වයට සම්බන්ධ විත්තිකරුවන් 16 දෙනෙකුට මරණ දඬුවම නියම කරන ලෙස දමන්හූර් අපරාධ අධිකරණය පසුගිය සතියේ බ්‍රහස්පතින්දා නියෝග කළ බවයි.

මෙම පිපිරීමෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 39 දෙනෙකු තුවාල ලැබූ බව වැඩිදුරටත් දැක්වේ.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ඊජිප්තුව ඇතුළු රටවල් කිහිපයක මෙම සංවිධානය තහනම් කර ඇත.

Muslim Brotherhood ආධ්‍යාත්මික නායක ලෙස කටයුතු කල ඉහ්වාන් මුස්ලිම් මතධාරී යුසුෆ් අල් කර්දාවි ඇතුළු ඉහල පෙලේ නායකයින් රැසක් ඊජිප්තුවෙන් පැනගොස් කටාර් රාජ්‍යයේ රැකවරණය ලබමින් සිටියි.

යුසුෆ් අල් කර්දාවී සමග ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් (මාධ්‍යවේදී අසාම් අමීන් ගේ පියා) සමීප සබදතා පවත්වා ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත.

Related posts

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

දීපිකා පදුකෝන්ටත් කොරෝනා

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday