World

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

අවසරයකින් තොරව දිගු රැවුලක් වවාගෙන සිටීම හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහි මුස්ලිම් ජාතික උප පොලිස් පරීක්ෂකවරයකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඇඳුම් පැළඳුම් පිළිබඳව කරුණු ඇතුලත් පොලිස් අත්පොතෙහි සඳහන් වන්නේ සික් ජාතික පොලිස් නිලධාරීන් හැරුණු විට අනෙකුත් පොලිස් නිලධාරීන්ට බලධාරීන්ගේ අවසරයකින් තොරව රැවුලක් තබා ගත නොහැකි බවයි.

බග්පාත් පොලිස් අධිකාරී අභිෂේක් සිං ඊයේ (22) මාධ්‍යට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ මීට පෙර ඔහුට මේ සම්බන්ධයෙන් හේතු දැක්වීමේ දැන්වීමක් ද නිකුත් කර තිබුණු බවයි. එස්.අයි අලි නැමති උප පොලිස් පරීක්ෂකවරයා විනය හේතුන් මත සේවය අත්හිටුවා ඇති බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත නියමිත බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පවසා ඇත.

Related posts

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.

colombotoday

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday