Colombo Today Local NewsCovid 19featured

අවදානම නොසලකමින් හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය පවත්වයි. පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට

පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ හැත්තෑවකට ආසන්න පිරිසක් අද (27) දහවල් දේව මෙහෙයක නිරතව සිටින බවට හොරොව්පොතාන පොලිසියට තොරතුරු ලැබී තිබිණ.
 
ඒ අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජෙයරත්න, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා ඇතුළු නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් තිබේ.
 
නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමඟ දේව මෙහෙයේ යෙදී සිටි පනහකට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් පැනගොස් ඇති අතර දාහත් දෙනෙකු පමණක් එම ස්ථානයේ රැඳී සිට ඇත. පොලිසිය පවසන්නේ පැන ගිය පිරිසගේ පාවහන් ජෝඩු පනහක් එම ස්ථානයේ තිබී සොයාගත් බවය.
 
පල්ලියෙ සභාපතිවරයා ඇතුළු රැඳී සිටි දාහත් දෙනාගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පැනගිය අනෙකුත් පනස් දෙනා සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
 
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ උපදෙස් අනුව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා ඒ මොහොතේම එම ස්ථානයට ගෙන් වා අදාල පල්ලියේ දොරවල් වසා දැමීමට මේ වන විට කටයුතු කර ඇත.

Related posts

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

යහපාලනය තියෙද්දී ඥානසාර හිමි දෙමල නිජභූමියට ආවා – ඒ නිසා ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත්වෙනවා. සිවාජිලිංගම් කියයි.

colombotoday

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday