Colombo Today Local News

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

22-new-traffic-rules-in-chillaw22754822හෙල්මට් නොමැතිව යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා පසුගිය (07) වනදා මූතූර් ප්‍ර දේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති වූ අතර එහි මුස්ලිම් වැසියන් විසින් පාරවල් අවහිර කර, ටයර් ගිනි තබා කලහකාරීව හැසිරෙමින් බස් රථයකටද පහර දී තිබේ.

මෙම තත්වය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද පහරදීමක් සිදුව තිබෙන අතර පසුව පොලීසිය විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුධ හමුදාව කැදවා තිබෙන අතර ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග නොමැතිව පැමිණීමට නොහැකිබව හමුදාව දැන්වූබව ප්‍රදේශයේ හමුදා ආරංචිමාර්ග සදහන් කරනවා.

අවසානයේදී මූතූර් ප්‍රදේශය තුළ හෙල්මට් නීතිය ක්‍රියාත්මක නොකිරීමට පොලීසිය එකග වූ බව එහි මුස්ලිම් වැසියෙකු ColomboToday සමග ප්‍රකාශ කළා. කාත්තන්කුඩිය ඇතුළු නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල දැනටමත් මෙම නීතය නොතකා හැර ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අයිතීන් ඉල්ලා පාරට බහින මේ රටේ අහිංසක දරුවන් ඉදිරියේ සිංහ වෙස් ගෙන ඔවුන්ගේ ඔලුගෙඩි පලන, ඇටකටු බිදින පොලීසිය ආගමික අන්තවාදය ඉදිරියේ හිවල් වෙස් ගන්නේ ඇයිදැයි මේ පිළිබදව අප සමග අදහස් දැක්වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් ප්‍රශ්න කර සිටියා.

Related posts

වයඹ ආණ්ඩුකාර තනතුරේ වසන්න කරන්නාගොඩ දිවුරුම් දෙයි

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday