Colombo Today Local News

බාසිලෝනා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය ජනපති හෙළා දකී !

ස්පාඤ්ඤයේ – බාසිලෝනා නුවර ලස් රම්බ්ලස් සංචාරක නිකේතන ප්‍රදේශයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය කණගාටුවට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් එහි ප්‍රකාශිකා මහේෂනී කොලොන්නේ මෙනවිය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරය හෙලා දුටු අතර සිද්ධියෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරන බවද එම නිවේදන වල සඳහන් වේ.

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්පාඤ්ඤ රජු වෙත නිකුත් කල ට්විටර් නිවේදනයෙන් කියාසිටියේ මෙම කණගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයේ මෙන්ම ජනතාවගේ ශෝකය පළ කරන බවයි.

මෙය ඉතා දරුණු සාහසික ප්‍රහාරයක් බවට ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දේ.

Related posts

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා. සභා සභාපති අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin