Colombo Today Local Newsfeatured

ඊශ්‍රායල් දරුවන් සහ ගැබිනියන් මරන්න ෆත්වා දුන් යූසුෆ් අල් කර්දාවී ආගමික විද්වතෙක්. මුස්ලිම් කවුන්සිලයේ අමීන් කියයි.

ඉස්ලාම් ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සාධාරණිකරණය කෙරූ සහ දරුවන් සහ ගැබිනියන් ඇතුළුව ඊශ්‍රායල් ජාතිකයන් සමූල ඝාතනය කිරීමට ෆත්වා නිකුත්කළ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ප්‍රධානි යුසුෆ් අල් කර්දාවී සමග ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ ප්‍රධානි ලෙස සැලකෙන BBC සිංහල සේවයේ මාධ්‍යවේදී අසාම් අමීන් ගේ පියා වන මොහොමඩ් අමීන් සෘජු සබදතා පැවැත්වීම පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ හෙළිදරවුවක් කර සිටියා.

යුසුෆ් අල් කර්දාවී ත්‍රස්තවාදයට අනුබල දීම හේතුවෙන් ඔහුට 2012 වසරේ සිට තමන්ගේ රටවලට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් රාජධානියට සහ ප්‍රංශය පියවර ගෙන තිබෙනවා.

අරාබිකරයේ ගැටුම් නිර්මාණය කිරීම හේතුවෙන් 2017 වසරේදී සෞදි අරාබියාව, එක්සත් අරාබි එමිල් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව විසින් යුසුෆ් අල් කර්දාවී ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට සහයෝගය දක්වන කටාර් රාජ්‍යය වර්ජනය කිරීමටද පියවර ගැනුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ නියෝජිතයින් පිරිසක් ත්‍රස්තවාදී නායකයෙකු වූ බවට ගලගොඩාත්තේ ඥානසාර හිමියන් විසින් පෞද්ගලික කතාවක වැඩසටහනකදී කළ චෝදනා එම සංගමය තරයේ ප්‍රතික්ෂේප කරයි.

2013 වසරේ පැවති සම්මන්ත්‍රණයකදී කටාර් රාජ්‍යයේ රාජ්‍ය නායකයන්ගේ උපදේශක ලෙස කටයුතු කරන ආගමික විද්වතුන්ගේ සම්මන්ත්‍රණය අතරතුර එම සංවිධාන නියෝජිතයින් හමුවූ බවත් එම හමුවූ කිසිදු ආකාරයක රහසිගත හමුවක් නොවූ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රූපවාහිනී වැඩසටහන පෙන්වන්නට යෙදුණු ඡායාරූප 2013 වසරේදී එම හමුව ගැන තම සංවිධානය විසින් මාධ්‍යයට නිකුත්කර පුවත්පත්වල පළවූ ඡායාරූපයක් බවත් මුස්ලිම් කවුන්සිලයේ ප්‍රධානී මොහොමඩ් අමීන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ,

යුසුෆ් අල් කර්දාවී යනු අල් ජසීරා රූපවාහිනි නාලිකාව මගින් විකාශය කරන ඉතාම ජනප්‍රිය වැඩසටහනක් මෙහෙයවන තවමත් කටාර් රාජ්‍යය සහ කටාර් රාජ්‍ය නායකයාගේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කරන ආගමික විද්වතකු වන අතර ඔහු එම හමුවේදි ද අප සංවිධානය සමඟ ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකේය මුස්ලිම් මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ මහජාතිය වන බෞද්ධ ජනතාවත් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් සියලු ආකාරයේ අන්තවාදයන් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩ නැගීමට මේ දිනවල දී තම සංවිධානය දැඩි ලෙස දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිටින අවධියක මෙවන් චෝදනා ගොනු කරමින් එම වැඩපිළිවෙල කඩාකප්පල් නොකරන ලෙස සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

Related posts

“මට කෝටියක් ලැබුණු බව ඇත්තයි.. සාමාන්‍ය අයට වඩා අපට වරප්‍රසාද හිමියි“ – රාජිත

colombotoday

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ – ජාතික පොලිස් කොමිසම

colombotoday

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

පුද්ගලික රෝහල් හෘද සැත්කමට 15%ක වැට් බද්දක්.. සැත්කම් ගාස්තු රු ලක්ෂයකින් ඉහළට !

colombotoday

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday

අක්කරපත්තුව වසා දමයි

colombotoday