Colombo Today Local Newsfeatured

නාගනන්ද කොඩිතුවක්කු රේගුවේ නිලධාරීන් සමග එක්ව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා

නාගානන්ද කොඩිතුවක්කු විසින් රේගුවේ කප්පම් කල්ලියක් මෙහෙය වන බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියා. ඔවුන් එසේ චෝදනා කරනු ලැබුවේ ආනයනය සිමා කිරීමට රජය විසින් ගත් තීරණය පිළිබදව අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් කැදවමින්. එම මාධ්‍ය හමුව 2018/10/19 දින මරදාන සාමයික කේන්ද්‍යේදී පැවැත්වූවා. ඒ සදහා ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සමිති සම්මෙලනයේ සභාපති සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් රැසක් ද සහභාගී වූවා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා

ආනයන සීමා කිරීමෙන් පමණක් රුපියල අවපමාණය වීම වලක්වන්න පුලුවන් කියනව නම් ඒක බොරැවක්. භාණ්ඩයක මිල තීරණය කරන සාධකයක් තමයි, ඒ සදහා යන පිරිවැයට අමතරව රේගුවට විශාල වශයෙන් කප්පම් දෙන්න වෙනව නම් එම කප්පමත් භාණ්ඩයේ මිලට එකතු වෙනවා. ඒක නවත්වන්න මොන ජගතටවත් බෑ. රේගුවේ කප්පම්වලට අපි උදාහරණයක් දෙන්නම්… නාගානන්ද කොඩිතුවක්කු විසින් රේගුවට සම්බන්ධ නඩුවක් පැවරීම සදහා අප සංවිධානයට කථා කලා. අප ඔහුව විශ්වාස කරමින් එම නඩුව පැවරීම සදහා කැමැත්ත පල කළා. නඩුව පැවරීමෙන් පසුව ඔහු අපට කීවා මෙම නඩුව රේගුව සමග එක්වී දැමුව බව. මම ඔහුගෙන් ඇහුවා එහෙමනම් ඇයි රේගුව වගඋත්තරකරැවෙක් කළේ කියලා. එහිදී ඔහු කීවේ, සුදත්ට උසාවියට ඇවිත් කරැණු කියන්න පුලුවන් කියලා. මෙම නඩුවෙන් සුදත් දිනුවොත් සුදත්ට ලැබෙන මුදලෙන් කොටසක් අප සංවිධානයට දෙන බවත් ඔහු පැවසුවා. මා එය ප්‍රතික්ෂේප කළා. මා ඔහුට පැවසුවා, ඔබ‌ෙග් මිතුරන්ට උදව්කරන්න අප භාවිතා කරන්න එපා කියලා. ඉන් පසු ඔහු මා සමග උරණව කටයුතු කලා. මම ඔහුගෙන් ඇහුව මෙම නඩුව රේගු බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව නම්, විෂ ෆාම් ඔයිල් කතාව ගාවන්නෙ ඇයි කියලා. එතකොට ඔහු කිව්වා එහෙම දැම්මහම තමයි මේක හිට් වෙන්නෙ. මිනිස්සු බය වෙන්නෙ කියලා. මිනිස්සු බය කරන තරමට අවධානය වැඩි වෙනව කියලා. මීට පෙරත් 2016 දී අප මෙම සිදුවීමටම අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් දැම්මා. අදටත් එය අප පවත්වා ගෙන යනවා. එම පැමිණිල්ල සකස් කළේත් ඔහුයි. ඒත් ඒ පැමිණිල් විභාගවෙනකොට මට අල්ලස් එකෙන් කැදවීමක් ආවත් ඒ බව කීමට නාගානන්දට කථා කළත් ඔහු මගේ දුරකතනයට ආවේ නෑ

ඉන් පසුව තමයි නඩුව ඔහු නැවත ගෙනාවෙ. මේ නඩුව දැමීම ගැන අපට සැක සිතුනු බැවින් අප මේ පිළිබදව සොයා බැලුවා. දැන් අපි සැක කරනව රේගුවේ සුදත් හා නාගානන්ද එක්ව ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනිල්ල දිගටම කරගෙන යනවා කියලා, මොකද? මොනව හරි ආනයනික භාණ්ඩයක් නිදහස් කරගන්න ගියහම මුදලක් දුන්නෙ නැත්නම් ඒක ආරවුලක් වෙනවා. එතකොට ඒකට මැදිහත් වෙන්නෙ නාගානන්ද කොඩිතුවක්කු. මේක තමයි මේ ගේම් එක. අපි මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා විධිමත් පරීක්ෂණයක් කරන්න. එතකොට ඇත්ත නැත්ත හෙළිවෙයි. කොහොමත් බොරැවට වැඩි ආයුෂ නෑ.

මම නාගානන්දට කිව්ව මම පැවරෑ නඩුවෙන් ඔහුට ඉවත් වෙන්න කියලා. මට වෙන නීතිඥයෙක් පත්කරන්න. ඔහු එය පතික්ෂේප කලා. පසුව මා ඔහුට ලිඛිතව උපදෙස් දුන්නා මම එම නඩුවට ඉදිරියේදී උපදෙස් දෙන්නෑ කියලා. එහෙත් ඊට ඔහු පිළිතුරැ නොදුන් නිසා මා විසින් නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් අදාල නඩුව ඉවත් කර ගත්තා. කෙසේ වෙතත් මම වගකීමෙන් කියනව නාගානන්ද කියන්නේ වංචාකාරයෙක් කියලා, පසුව මම දැන ගත්තා. ඔහු රේගුවේ සේවය කල බවත් ඔහු ඉන් ඉවත් කර තිබෙන්නේ අල්ලස් සිදුවීමකටයි. දැන් ඔහු අල්ලස් කොමිසම එක්ක තරහයි. ඔහුව රිමාන්ඩ් කලාට අධිකරණයත් එක්ක තරහයි. ඔහුට සමාජයෙන් තැනක් නැති නිසා ඔහු අපේ සංවිධාන භාවිතා කරනව අල්ලස් එකෙන් හා අධිකරණයෙන් පළිගන්න. ඒ වගේම රේගු නිළධාරියෙකුට ඔහු නිසි ආරක්ෂාව දෙනවා.

කොහොම උනත් මේරටේ කිසිම පුරවැසියෙකුට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෑ. ඒ නිසා රේගුවෙන් හිරිහැරවලට ලක්වුනු සියල්ලටම අපි කියනව අපිත් එක්ක එකතුවෙලා ඊට එරෙහිව නැගී සිටින්න එන්න කියලා.

ලංකා ස්වයංරැකියා නියුක්තිකයින්ගේ සමිති සම්මෙලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අදහස් දක්වමින් එක එක කාළෙට විවිධ පුද්ගලයො විවිධ කතා කියාගෙන ඇවිත් ජනතාවගෙ මුදල් හෝරා කාල යනව ජනාධිපති වෙන්න ඉන්න අයත් එහෙමයි කොහොම උනත් නාගානන්දට නෙවෙයි කාටවත් මේ රටේ සම්පත් හොරකම් කරන්න අපි ඉඩ දෙන්නෑ ඒ වගේම ඔය නන්දලාගෙන් අපිට වැඩක් නෑ අපි දූෂණයට වංචාවට කොහොමත් විරැද්ධයි.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ රේගුවේ අල්ලස් ගැහැල්ල නතර කලහොත් බත් පාර්සලේ මිලත් ප්ලේන්ටියේ මිලත් තමන්ට අඩු කල හැකි බවයි අද අපිට බේකරි යන් පිටරටින් ගේන්න බෑ රේගුව ජරාව ඉල්ලනව වහාම මෙම කප්පම් මාපියාව නැවැත්විය යුතුයි

කවුද? මේ නාගානන්ද කියන්නේ මට උන අසාධාරණයක් නාගානන්දට කිව්ව සතපහකට ගණන් ගත්තෙ නෑ එහෙම අය කොහොමද? ජනාධිපති කරන්නෙ ඔය කවුරැත් එන්නෙ අපිට ආදරේට නෙවෙයි තමන්ගෙ කුට්ටිය ගන්න.

 

 

Related posts

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

colombotoday

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

colombotoday

රාජ්‍ය බුද්ධි ඒකකයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන නැගෙනහිරට

colombotoday