Colombo Today Local Newsfeatured

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර රණවිරු දඩයම යලි ඇරඹෙයි. – නාවික බුද්ධි නිලදරුවෙකු අත්අඩංගුවට.

2007 වසරේ සිට 2009 වර්ෂය දක්වා ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කරන අතර තුරදී කිලෝ 1008 ක බරකින් යුත් මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම මරාගෙන ‍මැරෙන බෝම්බ ලොරිය අත්අඩංගුවට ගැනීම සඳහා සක්‍රිය දායකත්වය ලබා දුන්, විශිෂ්ඨ ගණයේ සීමිත රහස් බුද්ධි ක්‍රියාන්විත 30 කට ආසන්න ප්‍රමාණයක් සිදු කරමින් ත්‍රිකුණාමලය නගරය LTTE සංවිධානය අගනගරයක් බවට පත්කර ගැනීමේ LTTE සිහිනය ව්‍යාර්ත කිරීම සඳහා තම උපරිම දායකත්වය ලබා දුන් නාවික හමුදා බුද්ධි අංශයේ නාවික සෙබල එන්. හෙට්ටිහන්දි ඊයේ(21) දින රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා හමුදාව යුධ අපාරාධ සිදුකල බවට ඔප්පු කිරීම සඳහා ගොඩනගා ඇති පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ කතාංගයේ තවත් එක් පරිච්චේදයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

2019 මාර්තු මස පැ‍වැත්වෙන ජිනිවා මානව හිමිකම් සැසිවාරය ඉලක්කකර ඩයස්පොරා සහ විදේශීය නියෝජිතයන් සතුටු කිරීමේ ක්‍රියාදාමය මෙම අත්අඩංගුවට ගැනීමත් සමගම ආරම්භ වී ඇති බවත් එහි දෙවන අධියර ලෙස මෙම මස 26 දිනයේදී තවත් විශිෂ්ඨ බුද්ධි නිලධාරියකු බිල්ලට ගැනීමේ කුමන්ත්‍රණයක් දියත්වෙමින් සිටින බවත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සඳහා විශ්‍රාමික හමුදා සංසදයක් ලබන සතියේදී ආරම්බ කිරීමට කටයුතු කරන බවත් Colombo Today වෙත අදහස් දැක්වූ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු ප්‍රකාශ කර සිටියා.

මෙම අත්අඩංගුවට ගැනීමේ, යටි අරමුණ වන්නේ සන්නද්ධ සේවාව සහ නීතිය සහ සාමය යන දෙකම ජනාධිපති යටතේ පවතින මෙවන් මොහොතක රණවිරු දඩයම මගින් හමුදා සාමාජිකයන් සහ රණවිරු පවුල්වල අප්‍රසාදය ජනාධිපතිවරයා වෙත ඇති කර ඡන්ද පදනම අඩු කිරීමට බව පෙනෙන්නට තිබෙන බවත් ජනාධිපතිවරයාට උපදෙස් දෙන කිහිප දෙනෙකු කොටි ඩයස්පෝරා මුදල්වලට ගිජු වී ඩයස්පෝරා ඉල්ලීම් ජනාධිපතිවරයාලවා සිදුකරවා ගැනීමට වැරදි උපදෙස් දෙමින් සිටින බවත් ඒ සඳහා එම උපදේශකයින්ට ඩොලර් මිටි ගණන් තුටු පඬුරු ලබාදීමට කටයුතු කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

භික්ෂුවට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් නියෝගයක්

colombotoday

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday