Colombo Today Local News

පිරවුම්හලක අයිතිකරු සහ සේවකයින් එක්ව පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව (22) දින රාත්‍රියේ පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

තුවාලකරු තම ත්‍රිරෝද රථයට පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා දිගු වේලාවක් පොලිමේ රැදි සිටියදි ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුගේ මිත්‍රයෙකු පොලිමෙන් පිටත පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණි අවස්තාවේ ඒ පිලිබදව ත්‍රිරෝද රථ රියදුරා අයිතිකරුගෙන් සිදු වන අසාධාරණය පිලිබදව කරුණු විමසිමේදි ඇති වු උණුසුම් තත්ත්වයත් සමග මෙම පහර දිම සිදු වි ඇත.

පහර දිමෙන් තුවාල ලබා බිම වැටි සිටි ත්‍රිරෝද රථ රියදුරාව ඉන්ධන පිරවුම්හල් සේවකයින් විසින් බිම දිගේ ඇදගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි නාවලපිටිය දුම්රිය ස්ථානයට දමා තිබියදි ඒ අසල පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා පොලිම් රැදි සිටි පිරිසක් විසින් 1990 හදිසි ගිලන් රථ සේවය ගෙන්වා තුවාලකරුව නාවලපිටිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුද ත්‍රිරෝද රථයේ රියදුරා තමන්ට පහර දුන් බව පවසමින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
මෙම පහරදිම සිදු වන අවස්තාවේ එ අසල රාජකාරියේ නියැලි සිටි යුධ හමුදා භට පිරිස් නිහඩ පිලිවෙතක් අනුගමනය කල බව ඉන්ධන ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් චෝදනා කර සිටිහ.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩ නෑ… ස්විස් නාඩගම අතේ පත්තු වෙයි.. සේවිකාවට නඩු !

colombotoday

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday