Colombo Today Local News

මියගිය පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා.  1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සහිත යෝජනාව එක්ක ආපු තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා. එහි තිබිච්ච අඩුපාඩුකම් එහි තිබිච්ච දුර්වලතා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක රට ඉස්සරහට යන්න බෑ යි කියලා කියන තීන්දුවට එන්න සිද්ධ වුණා. ඒ්නිසා  ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කරලා තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේ ම වචනවලින් කියනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්. ඒක නිසා ප්‍රජා යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම. රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණයට ආවේණික දුර්වලතා වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සලකලා බලලා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමග රට වාර්ගික විරසකයන් ගෙන් පෙළෙන වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් විදියට අඳුනාගෙන තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාව.

 ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් මේ වෙලාව. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොටම නිරායාසයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වීමට නියමිතව තියෙනවා. ඒක නිසා අපි දන්නවා දැන් මේ වෙලාව ඔය යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල එකී පළාත් සභා මැතිවරණ යෝජනා ගෙනල්ලා අලුතින් පළාත් පලාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පලාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීමයි.  

රට වෙනස් කිරීමට නම් ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුවම තියෙනවා .ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වැදගත්. හැබැයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමත් එක්කම වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කොහොමද කොයි ආකාරයටද මොනවද එහි එන යෝජනා කියලා. මට මතකයි දැනට අවුරුද්දකට හමාරකට පමණ පෙර මහජන යෝජනා ගත්තා. මමත් පෞද්ගලිකව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික සංවිධාන විසින් විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාව පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ මහජන නියෝජිතයින් ඉස්සරහ මහජනතාවගේ විද්වතුන්ගේ වියතුන්ගේ අදහස් සලකා බලලා ව්‍යවස්ථාව සකස් කළ යුතුව තියෙනවා. රටට හිතවත් ඒ වගේම අනාගතයට යහපත් දේශප්‍රේමයේ වර්ගවාදී විරසකයන් ගෙන් තොර රටක් බිහි කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි කියලා කියන අදහස එදත් අපි එකඟ එකඟ වුණා. අදත් අපි එකඟ වෙනවා . ඒක නිසා මේකට අපි සහයෝගය පළ කරනවා .

Related posts

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

colombotoday

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

colombotoday

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

colombotoday