Colombo Today Local Newsextremism & terrorism activities

ගල්නෑව නෑගම සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට වහබ්වාදීන්ගෙන් දිගින් දිගටම කරදර

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉතා පැරණි ග්‍රාමයකි නෑගම. මෙම ග්‍රාමයේ පවුල් 1000කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙයි.

මෙම ග්‍රාමය පාරම්පරික මුස්ලිම් අය අදහන “සූෆී” මුස්ලිම් සංස්කෘතියට අනුකූල ව ක්‍රියාත්මකව තිබුණි. නමත් 2015 වසරේ සිට අප ගම ප්‍රශ්න රාශියකටම මුහුණ දීමට සිදු විය. එයට හේතුව 2015 වසරේ තෝරා ගත් පල්ලියේ දායක සභාව ක්‍රියාත්මක වූ ක්‍රමය ඉතා විවේචනයට භාජනය වීමයි. එම දායක සභා නිළධාරීන් පාරම්පරික අදහස්වලට පටහැනිව දැඩි මතදාරී ප්‍රතිපත්ති අනුගමනය කරන අයවලූන් හැටියට පත් විය.

මේ හේතුවෙන් පාරම්පරික ක්‍රියාත්මක වූ පල්ලියේ දායක සභාව තුළ විවිධ මතවාද ඉස්මතු විය. මේ හේතුවෙන් පාරම්පරික මුස්ලිම් අයවලූන් විසින් ඉතා හොඳින් පවත්වාගෙන ආ මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් රබි උල් අව්වල් මාසයේ පවත්වන පාරම්පරික කටයුතු හා අප රටේ ජාතික මට්ටමින්ප වත්වන පාරම්පරික ආගමික කටයුතු හා අප රටේ ජාතික මට්ටමින් පවත්වන මිලාදුන් නබි උත්සවයෙහි කටයුතු නවත්වා ගැනීමට උත්සාහ කරන ලදී. එම අවස්ථාවේ පාරම්පරික මුස්ලිම් අය මෙම අය සමඟ ප්‍රශ්නවලට පැටලීමට සිදු විය. ඊට පසුව පාරම්පරික පල්ලි දායක සභාව විසින් කරගෙන ආ මෙම කටයුතු අතරමගදී අතහැරීම හේතුවෙන් පාරම්පරික මුස්ලිම් අයවලූන් වන අපි මෙම කටයුතු කරගෙන යාමට ඉදිරිපත්වූයෙමු. එසේ තිබිය දී මෙම අය එම අයගේ දැඩි මතදාරී ප්‍රතිපත්ති හේතුවෙන් මෙම පාරම්පරික සම්ප්‍රදායික කටයුතු වලක්වා ගැනීම සඳහා ඒකාධිපති බලය පාවිච්චි කරමින් සිටී.

එම නිසා මොවුන් රටට අහිතකර ප්‍රතිපත්ති අනුගමනය කරන පිරිසක් ලෙස සිදු කරන මෙම සිදුවීම අපේ රටේ පාරම්පරික මුස්ලිම් අය විසින් එම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට හා වකුෆ් සභා නිලධාරීන්ට 2015 වර්ෂයේ සිට පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කරමු. එසේ තිබුණත් රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් පාරම්පරික මුස්ලිම් අපගේ ඉල්ලීමට ඇහුම්කන් නොදුන්හ. තවද මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් කීපදෙනෙක් මෙම මතදාරී අදහස් දරන අය වේ.

නෑගම පාරම්පරික මුස්ලිම් එක්සත් සභාව

Related posts

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

මෝල් ගසකින් පහර දී දියණියක් මව මරා දාලා

colombotoday

මහින්දගේ නිවේදනයෙන් හොර එළිවෙයි… බැදුම්කර හොරු තිගැස්සෙයි !!

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday