Colombo Today Local News

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත.

අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත  සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය  විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලීසිය විසින් පරික්ෂාවට ලක් කල අතර එම නිවස තුල  තිබි  පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

පෙරවරු 9.30 ට පමණ පොලීසිය අදාළ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු  දාහක් (1000 ) ක්  ,  ඇමෝනියා කිලෝග්‍රෑම් පන්සියයක් (500 ) ,    පුපුරුවා  හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක්  පොලීසිය විසින් සොයා ගෙන ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ  ඒම නිවසේ සිටි සැකකරුවන් හයදෙනෙකු ද  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වැන් රථයක් හා එහි සිටි කාන්තාවක් සමඟ තවත් සැකකරුවකුද   අත්අඩංගුවට ගත්  බව පොලීසිය පැවසිය.

මේ  සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් අට දෙනකු (08 ) අත්අඩංගුවට ගෙන ඇති අතර  මුස්ලිම් ජාතික සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද වනබව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරු පසුගිය  පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල අපේක්ෂකයකු වන අතර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල අමාත්‍යවරයකුගේ සමීපතමයකුද බව වාර්තා වේ.

මෙම    පුපුරණ ද්‍රව්‍ය තොගය  තිබු නිවසේ හිමිකරු මිට පෙරද පුපුරණ ද්‍රව්‍ය ලග තබාගෙන සිටීමේ වරදට අධිකරණය මගින් දඩුවම් ලැබූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය  වී තිබේ.

නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ  නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව  මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

අනුරාධපුර – තිසර සමල් 

Related posts

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

colombotoday

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

රාමදාන් හේතුවෙන් දුන් සල්ලි ගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීම. මාලිගාවත්තේ තෙරපීමට හේතු හෙළි වේ.

colombotoday

කිවුව පිලිවෙතට පැණිය බිවුවනම් කොරෝනා වැලදෙන්නේ නෑ.. – ධම්මික බණ්ඩාර

colombotoday

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

colombotoday