තලංගම ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපොළවලට හානි  කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා  ඔවුන්ට එරෙහිව නිසි දඩුවම් ලබා දෙන්නැයි ඉල්ලමින්  නීතීපතිවරයා  ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන නොවැම්බර් 3 වැනි දා විභාග කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම  නඩුව අභියාචනාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර  මහත්මිය සහ සහ අචල වෙංගප්පුලි මහතා ඇතුළු පිරිසකගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.

කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති  නඩුවේදී විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබියදී  ඔවුන් සියලු දෙනා  නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා ඔවුන් වැරදිකරුවන් කරන ලෙස ඉල්ලමින් නීතීපතිවරයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.