Colombo Today Local News

රටේ ඒකීය භාවය රාජ්‍ය නොවන සංවිධානවලට හිසරදයක්‌ – බස්‌නාහිර ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර

 රටේ ඒකීය භාවය කියන වචනය රාජ්‍ය නොවන සංවිධානවලට එදත්, අදත් හිසරදයක්‌ වී ඇතැයි බස්‌නාහිර පළාත් නව ආණ්‌ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (02 දා) පැවැසීය.

බස්‌නාහිර පළාත් හිටපු ආණ්‌ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන් මහතා බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර ධුරයෙන් සමුගැනීමත්, ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා බස්‌නාහිර පළාත් නව ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වීමත් සම්බන්ධයෙන් උපහාර පිදීමත් සඳහා බස්‌නාහිර පළාත් සභාව කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවට එක්‌වෙමින් නානායක්‌කාර මහතා එම අදහස්‌ පළ කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආණ්‌ඩුකාරවරයා මෙසේද කීය.

ආණ්‌ඩුකාර ධුරය කියන්නේ යම් පළාතක ජනාධිපතිවරයා විසින් දෙන උපදෙස්‌ ක්‍රියාවේ නැංවීමට පත්කරන අයෙක්‌. ආණ්‌ඩුකාරවරුන් පත් කරන්න තීරණය කළේ ඉන්දියාව විසින් ලබාදුන් උපදෙස්‌ අනුව අපේ 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් පළාත් සභා පිහිටුවීමටයි. එහිදී එවක ජනාධිපතිව සිටි ඡේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයාගේ උපදෙස්‌ සහ බලතල ක්‍රියාවට නැංවීමටයි ආණ්‌ඩුකාර ධුරය ඇති කළේ.

අපිට මේ පළාතේ විවිධ අංශයන්ගෙන් විශාල වැඩ කොටසක්‌ කරන්න සිදුවෙනවා. විශේෂයෙන් ගත්තොත් කෘෂිකර්මයෙන් විශාල වැඩ කොටසක්‌ කළ හැකියි. මේ වන විට යාපනයේ අලුත විවාහ වන පවුල් පහකින් හතරකට දරුවෝ නැහැ. අනික්‌ පළාත් ගත්තොත් අලුත විවාහ වන පවුල් 5 කින් තුනකට දරුවෝ නැහැ. මේ තත්ත්වය ඇති වන්නේ වැරදි කෘෂිකාර්මික රටාවේ ප්‍රතිඵල ලෙසයි.

මම දකුණු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කළා. මම විරුද්ධ වුණේ වරක්‌ මීගමුවේ හෝටලයක ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල මහ ඇමැතිවරුන් පවරා ගතයුතු යෑයි පැවැත්වූ දින තුනක වැඩමුළුවකටයි. මේ දේ කළේ රාජ්‍ය නොවන සංවිධානයක්‌. ඔවුන්ට මේ රටේ ඒකීය භාවය කියන එක විශාල හිසරදයක්‌. මේ ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල මහ ඇමැතිවරුන්ට පැවරුවොත් ඔවුන්ගේ අභිමතය පරිදි පළාත තුළ වැඩ කිරීම නිසා රටට අහිතකර ලෙස නීති සකස්‌ කර ක්‍රියාවට නංවන්න පුළුවන්. ඉඩම් බලතල වුණත් එහෙමයි.

බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා-

country1බස්‌නාහිර පළාත අපේ රටේ සුවිශේෂී පළාතක්‌. එය රැක ගැනීමට අපි සැවොම කටයුතු කළ යුතුයි. මේ පළාතේ මහ ඇමැතිවරයා සහ ආණ්‌ඩුකාරවරයා නිසි අවබෝධයෙන් වැඩ කළා. ඒ නිසා සංවර්ධන කාර්යන් රැසක්‌ කිරීමට හැකියාව ලැබුණා. එදා පළාත් සභා පිහිටුවන විට වැඩක්‌ නොකරන සුදු අලින් ලෙස හැඳින් වුවත් අද පළාත් සභා ජනතාවට වැඩ කරන ආයතනයක්‌ බවට පත්වෙලා තිබෙනවා.

මෙහිදී හිටපු ආණ්‌ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන්, බස්‌නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විඡේරත්න, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝර්ඡ් පෙරේරා, සභා නායක හෙක්‌ටර් බෙත්මගේ, සභා ලේකම් හේමන්ත සමරකෝන්, බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ද අදහස්‌ දැක්‌වූහ. මෙම අවස්‌ථාවට පළාත් සභා නිලධාරීන් ඇතුළු ආරාධිතයන් රැසක්‌ එක්‌ව සිටියහ.

එහිදී බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ පළාත් සභාවේ සභාපති සුනිල් විඡේරත්න (වමේ සිට පස්‌වැන්නා) යන මහත්වරුන් හිටපු ආණ්‌ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන් මහතාට (වමේ සිට සිව්වැන්නා) උපහාර තිළිණයක්‌ ප්‍රදානය කළ අයුරු.

(වමේ සිට) බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, බස්‌නාහිර නව ආණ්‌ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්‌කාර, බස්‌නාහිර පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක යූ. ජෝර්ඡ් සී. පී. පෙරේරා සහ පළාත් සභා ලේකම් හේමන්ත සමරකෝන් යන මහත්වරුද (ඉහළ ඡායාරූපය) එම උළෙලට පැමිණි ආරාධිතයන්ගෙන් කොටසක්‌ද වෙති.

Related posts

අපට ගහල, වට්ටලා ඒකාධිපතියා ගේන්නද හදන්නේ.. උසාවි ගිහින් කෝප් වාර්තාව ගැන ඇත්ත හෙලිකරනවා

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday

මංගල සහ රන්ජන්ගේ ප‍්‍රකාශ නිසා සිංහල බෞද්ධ ඡන්ද ලැබුණේ නෑ. එජාපය පරාජයට හේතු සමාලෝචනය කර නිගමනය කරයි.

colombotoday

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday

සියලු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි…

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday