Colombo Today Local News

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය විසින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය මෙසේයි…

ශ්‍රී ලංකාවේ හිටපු මුස්ලිම්වරු එකට එකතුව ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගමෙන් ඉවත්ව ආගම් නොඅදහන පිරිසකගේ යහපත හා සුභසාධනය සැලසීම උදෙසා එම පිරිසට සහය වීමේ සංවිධානයක් ලෙස 2016 දී ශ්‍රී ලංකාවේ හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (Council of Ex-Muslims of Sri Lanka – CEMSL) පිහිටුවා ගත්හ. අපි භාෂණයේ නිදහස, මානව හිමිකම්, ලෞකික මානවවාදය සහ නිදහස් චින්තනය වෙනුවෙන් ක්‍රියා කරන්නෙමු. ශ්‍රී ලංකාවේ හිටපු මුස්ලිම්වරු යනු හිටපු මුස්ලිම්, මානවවාදී සහ අදේවවාදී සංවිධාන වලට අයත් පුළුල් ජාත්‍යන්තර ජාලයේ කොටසකි.

2021 මාර්තු 23 වන දින පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණේ. CEMSL විසින් අගමැති ඛාන් ට පහත කරුණු පෙන්වා දීමට අවශ්‍යය:

  1. ඉස්ලාම් ආගමෙන් ඉවත්ව යන පාකිස්තාන පුරවැසියන්ට ආරක්ෂාව සලසන බවටත් පාකිස්තානයේ ඔවුන්ට නිදහසේ ජීවත් හැකි වියහැකි බවටත් පාකිස්තාන රජය සහතික විය යුතුය. හිටපු මුස්ලිම්වරුන් බියෙන් ජීවත් වන අතර පාකිස්තානයේ තමන්ගේ අන්‍යතාව හෙළි නොකර රහසිගතව හැංගී ජීවත් වීමට ඔවුනට බල කරනු ලබයි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ඔවුහු බිය වෙති. රජය මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර එයට අදාළ ඔවුන්ව සුරක්ෂා කිරීම උදෙසා අවශ්‍ය නීතියට සංශෝධන සිදු කළ යුතුය.
  2. පාකිස්තානය සිය සුළු ජාතීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇත:

අ. පසුගිය දශකය තුළ, පකිස්ථානි දේව අපහාස නීතිය නමින් හඳුන්වනු ලබන (Pakistani blasphemy law) නීතියෙ හී ගොදුරු බවට පත් වූ ක්‍රිස්තියානි, අහමඩියා, හින්දු, අදේවවාදී සහ වෙනත් ආගමික සුළුතරවලට අයත් පාකිස්තාන සරණාගතයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පාකිස්තානය මෙම නීති අහෝසි කළ යුතු අතර blasphemy යටතේ අත්අඩංගුවට ගත් සියල්ලන්ම නිදහස් කළ යුතුය.

ආ. පාකිස්තානය තුළ හින්දු, ක්‍රිස්තියානි සහ වෙනත් ආගමික සුළු ජාතීන්ගේ ළදැරියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාමීය ආගමට හරවා ගැනීම නතර කළ යුතුය.

ඇ. හින්දු කෝවිල්, අහමඩියා පල්ලි සහ ආගමික සුළුතරයන්ගේ වන්දනා කරන ස්ථාන විනාශ කරන වැරදිකරුවන්ට පකිස්ථාන බලධාරීන් විසින් නීතිමය දඩුවම් ලබා දිය යුතුය.

ඈ. පුරවැසියන්ගේ ආගමික අනන්‍යතාවය සඳහන් කිරීම පිළිබඳව හැඳුනුම්පත් සහ රජයේ වෙනත් වාර්තා වලින් ඉවත් කළ යුතුය.

  1. පාකිස්තානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කරන ලෙස අපි පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෑතකදී කයිබර් පක්තුන්ක්වා පළාතේ බුදු පිළිමයක් විනාශ කරන ලදි. මෙම ප්‍රතිමාව දකුණු ආසියාවේ ඒකාබද්ධ උරුමයේ සංයෝජනයක් විය. තවද, රජය විසින් එවැනි පුරා වස්තු හා ඵෛතිහාසික වස්තු සියල්ලම අනාගතයේ දී මෙවැනි විනාශකාරී ක්‍රියාවලින් ආරක්ෂා කළ යුතුය.
  2. අන්තවාදයට හා ත්‍රස්තවාදයට මර්දනය කිරිම උදෙසා ඉස්ලාමීය අධ්‍යනයන් අන්තර්ගත විෂයයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කර දැනුම පදනම් කොටගත් ආගම කේන්ද්‍ර නොවන අධයාපන ක්‍රමයක් ඇති කළ යුතුය.
  3. පාකිස්තායේ රාජ්‍ය හා ආගම වෙන්ව තැබිය යුතු අතර හත්වන සියවසි අයත් ඉස්ලාමීය ආගම්වාදය ඉවත් කර නූතන යුගයට අනුකූල ආගමට සම්බන්ධ නැති රාජ්‍යයක් බවට පත්වීම.
  4. මීට දින කීපයකට පෙර ඔබගේ පාර්ලිමේන්තුවේ (ජාතික සභාව) සාමාජිකයෙකු වන මවුලානා ෂලාහුදීන් අයුබි වයස අවු 14 ක දැරියක සමඟ විවාහ වී ඇති බව දැනගැනීමෙන් අපි ඉමහත් කම්පාවට පත් වුවෙමු. මෙම නූතන යුගයේ මෙවැනි සිදුවීමක් සිදුවීම ලැජ්ජා සහගතය. මීට වසර 1400 කට පෙර සිදු වූ බව කියැවෙන වැරැද්දක් පදනම් කරගෙන අද කාලේ ජීවත්දවන ගැහැණු ලමයන්ගේ ජීවිත විනාශ කිරීම පිළිගත නොහැකිය. පකිස්තානය ළමා විවාහ නැවැත්වීමට පියවර ගත යුතු අතර නීත්‍යානුකූල විවාහ වීමේ වයස අවුරුදු 18 ලෙසට නීතිය බලාත්මක කළ යුතු මෙන්ම බාල වයස්කරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුය. සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුය.

අනාගතයේ දී පාකිස්තාන අගමැතිවරයෙක් ශ්‍රී ලංකාවට සංචාරය කළ විට පාකිස්තානය මෙම තීරණාත්මක ගැටලු විසඳා සුන්දර මෙන්ම ආගමක කේන්ද්‍ර නොවූ රටක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  • ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (CEMSL)

Related posts

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

Admin

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday