Colombo Today Local News

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

එල්.ටී.ටී.ඊ. සමයේ කොටින්ගේ මෙහෙයුම් මූලස්‌ථානය හා සාම ලේකම් කාර්යාලය ඇතුළු මර්මස්‌ථාන රැසක්‌ පිහිටා තිබූ ස්‌ථානයේ පවත්වාගෙන ගිය කිලිනොච්චිය පරෙවිපංචාන් යුද හමුදා කඳවුර එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

එම භූමිය උතුරේ දෙමළ ජනතාවට ලබාදීම සඳහා හමුදා කඳවුර ඉවත් කර ඇති අතර මේ අනුව ඉවත් කළ යුතු හමුදා කඳවුර වෙනුවට පරෙවිපංචාන් භූමියට පිටුපසින් වූ කුඩා බිම් කඩක නව කඳවුරක්‌ ස්‌ථාපිත කර ඇත.

නව කඳවුරේ සිටිනුයේ පරෙවිපංචාන් කඳවුරේ සිටි හමුදා භටයන්ට වඩා අඩු පිරිසක්‌ බව හමුදා ආරංචි මාර්ග පවසයි.

කිලිනොච්චිය පරෙවිපංචාන් භූමිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ සියලු ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුකළ ප්‍රබල මර්මස්‌ථානයක්‌ වූ බැවින් යුද්ධයෙන් පසු එම ස්‌ථානයේ යුද හමුදා කඳවුරක්‌ පවත්වාගෙන යනු ලැබිණි.

එල්.ටී.ටී.ඊ. පැවති කාලයේ මෙම භූමියට හිමිකම් කී කිසිවකුත් නොසිටි බවද යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

රාජ්‍ය දේපළ විකුණාගෙන කෑමේ ඉතිහාසයෙන් බිදක් මෙන්න !

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

“සිංහලේ, බොදුබල සේනාව තහනම් කරන්න“ – යාපනේ කතෝලික පූජකවරු ඉල්ලයි

colombotoday

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday