Colombo Today Local NewsCovid 19

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා කල්පිටිය දිසා රෝහලට පැමිණ සිටි පුද්ගලයෙකු අද (24)දින දහවල් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. මිය ගොස් ඇති මෙම පුද්ගලයා ලොරියක සේවය කරමින් සිට ඇති අතර එම ලොරිය කල්පිටියේ සිට කොළඹ, පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළද සංකීර්ණය දක්වා මාළු ප්‍රවාහනය කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

කල්පිටිය සහ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් බහුතරයක් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය සමග හා සෘජු සම්බන්ධතා පවත්වන බැවින් එම ප්‍රදේශවල පදිංචිකරුවන්ව අද දවස පුරා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. එසේ පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා ගෙනවිත් සිටියදී එක්වරම බිම ඇද වැටී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related posts

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

මහ ජාවාරම්කරුවෙක් අද රෑ රට පනින්න සූදානම් !

colombotoday

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin