Covid 19

PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා ආසාදනය වෙලා

පී.සී. ආර්. පරීක්ෂණ සිදුකරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පරීක්ෂණ සිදු කරනු ලබන පිරිසට කොරෝනා ආසදනය වීම නිසා පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම අඩාල වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසා ඇත.

ඒ හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ආශි‍්‍රතයින් හඳුනා ගැනීමේ කටයුතු ද අඩාල වී ඇත.

සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු සෞඛ්‍ය අංශයේ බොහෝ පිරිසකට කොරෝනා ආසාදනය වී තිබීම ගැටලුවක් වන අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම වාර්තා ලැබීමට දින 4ක් 5ක් ගතවීම නිසා එම වාර්තා කඩිනමින් ලැබීමට කටයුතු කල යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

colombotoday

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday