Colombo Today Local News

පී සී ආර් මගහරින / ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරනවා.

පී සී ආර් පරීක්ෂණ  සිදුකරන අවස්ථාවේ දී අවස්ථාවේදී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන   බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මොවුන් රටට  ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වයිරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සලකා ඔවුන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට  කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පී සී ආර් පරීක්ෂණය කිරීමේදී කිරීමේදී ඇතැමුන් ලබා දෙන්නේ ව්‍යාජ තොරතුරු බවට තොරතුරු හෙළි ව ඇති බවත් අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වූ වරදට ඔවුන් යටත් වන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි  නිරත නොවන ලෙසත් කෝවිඩ් වයිරසය  මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතු බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

අවස්ථාවක රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට  ඒ සදහ අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිය  යුතු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

colombotoday

මැදි වයසේ පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් මියයෑමේ ප්‍රවණතාවය වැඩිවෙලා -වෛද්‍ය හරිත අලුත්ගේ

colombotoday