Colombo Today Local News

අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමය ඉල්ලයි

බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිතයින් බහුතරයක් වාර්තාවීම හේතුවෙන් උදාවන අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් ක‍ළේය.

“කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙනවා. අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. ගම්පහ සහ කළුතරත් එවැනිම තත්ත්ව වාර්තා වෙමින් තියෙනවා. එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උදාව නිසා ප්‍රධාන කණ්ඩායම් 3ක් අවදානම්කාරී ලෙස ගමන් කරන ආකාරය අපිට නිරීක්ෂණය වුණා. පළමු කණ්ඩායම බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු වෙනත් පළාත්වල පිරිස්. මේ වනවිට ඔවුන් නිවෙස් කරා ගමන්කරමින් ඉන්නවා. දෙවැනි කණ්ඩායම පිටිසරබද ප්‍රදේශවල ඉඳලා බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා ලබාගැනීමට එන පිරිස්. ඔවුන් ඉතාම අවදානම් ආකාරයට කටයුතු කරමින් සිටින ආකාරය පේනවා. තුන්වැනි කණ්ඩායම බස්නාහිර පළාතේ නිරෝධානය තත්ත්වයන්ට යටත් වෙලා සිටි පිරිස්. ඔවුන් ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල විනෝද චාරිකා සිදුකරනවා.”

Related posts

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

කල්මුණේ යවන්න පටවා තිබු පරිභෝජනයට නුසුදුසු සීනි ගෝනි 200ක් පිටකොටුවෙන් අල්ලයි

colombotoday

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday