Colombo Today Local News

ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.

එමෙන්ම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

මෙම ඝාතන නඩුව පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණිනි.

එහිදී නීතිපති වෙන්වෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි. කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

Related posts

රිෂාඩ් බදුර්දීන් නිදහස් කළා වගේ අල්ලගත්ත කඩුත් යලි බෙදලා දෙන්න

colombotoday

ඉදිරි මැතිවරණ තරග බිමට සන්ධාන 3ක්…

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

colombotoday

“මිරිහානේ සිදුවීමේදී ජනාධිපතිතුමා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කළේ..”

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday