Business

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහතික මිලට වී මිල දී ගැනීම සිදු කරන අතර, එය රට පුරා දිස්ති‍්‍රක්ක 19 ක ගබඩා 220 ක දී සිදු කෙරේ. මෙසේ මිල දී ගන්නා වී තොග ඉහළ ප‍්‍රමිතියකින් යුත් සහල් බවට පත් කර රට පුරා පාරිභෝගික ජනතාව අතරට පත්කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මඟපෙන්වීමෙන් වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.

වී අලෙවි මණ්ඩලය සහල් වෙළෙඳපොළට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වන අතර සියයට සියයක්ම දේශීයයි යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙකී සහල් සැකසීම වෙළෙඳපොළේ ඇති සහල් මිල පාලනය සඳහා ගත් පියවරක් මෙන්ම පාරිභෝගිකයන් හට සහන මිලක් යටතේ හොඳම සහල් මිල දී ගැනීමට මෙන්ම ගොවි ජනතාවගේ වී සඳහා හොඳ මිලක් ලබාදීමේ අවස්ථාවකි.

ඉදිරියේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධන සංගම් මඟින් පාරිභෝගික ජනතාව අතට PMB සහල් ලබාදීමට බලාපොරොත්තු වන අතර, එසේම රට තුළ සහල් අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාට සාධාරණ මිලකට වෙළෙඳපොළට ද නිකුත් කිරීමට අපේක්ෂිතය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

colombotoday

ඩොලරය රු 168 ත් ඉක්මවයි…

colombotoday

ලොව විශාලතම නැව හෙට කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා කෙරේ

colombotoday