Colombo Today Local News

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා – ශ්‍රී ලංකා ජනපති ජාතිය අමතමින් කියයි.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන පාලන තන්ත්‍රයක් රට තුළ ඇති කරන බවටත් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනපති පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (18) දින ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේය.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා.

මගේ ධුර කාලය තුළ ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුළ ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී දුන් ප්‍රතිඥාවට අනුව මා සෑම විටම ක්‍රියා කොට තිබෙනවා.

සෑම මසක ත්‍රෛ නිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙළකුත් මා අනුගමනය කරනවා.

මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යළි පණගන්වන්නට කටයුතු කළා.

අන්තවාදයට යළි ඉඩ නෑ

ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යළි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කළාක් මෙන් සිර ගෙවල් ඇතුළත සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ.

රණවිරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශ්වකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යළිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි.

Related posts

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

“අතුරුදන් කිරීම් පිළිබඳ පනත විවාදයට ගෙන සම්මත කරගන්නවා“ – කිරිඇල්ල

colombotoday