Colombo Today Local Newsfeatured

දෙමල නිජභුමියේ පන්සල් ඉදිනොකරන බවට මහින්දගෙන් පොරොන්දුවක් ගන්න | විග්නේශ්වරන්ගෙන් මොදිට ලිපියක්

ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර දෙමළ ජනතාවට එරෙහිව භාවිතා නොකිරීමට වගබලා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වී විග්නේශ්වරන් ඉල්ලා සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීම පිළිබඳව ද අග්‍රාමාත්‍ය මෝදිට එම ලිපිය මගින් ස්තූතිය පළ කර තිබේ.

මෑතකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. සාකච්ඡාවෙන් පසු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර එයට ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාර ලබා දීම සහ දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදා අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීම ද ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මෝදි වෙත යවන ලද ලිපියෙන් සී.වී විග්නේශ්වරන් කරුණු දෙකක් ඉස්මතු කර දක්වා ඇත.

  1. අපේ දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් ආධාර ලබා දුන්නද උතුරු හා නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිම්වල බෞද්ධ ආරාම ඉදිකිරීම / ප්‍රතිසංස්කරණය කිරීම සහ පුරාවිද්‍යාත්මක සාධක භාවිතා නොකරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොරොන්දුවක් ලබා ගැනීම අවශ්‍ය වේ..
  2. “දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම ” සඳහා කිසියම් ආධාරයක් හෝ පුහුණුවක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේනම් එය දෙමළ ජනතාවට එරෙහිව යොදා නොගන්නා බවට ගරු මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොරොන්දුවක් ලබා ගැනීම අවශ්‍ය වේ.

එම ලිපිය

His Excellency Shri Narendra Modi,
Prime Minister of India

May it please your Excellency Shri Modi!

Let me thank your Excellency for your recent request to the Prime Minister of our Country to fully implement the Thirteenth Amendment to the Constitution. It has raised the expectations of the members of our Tamil Community.

I am sure that you are well aware of the flaws in the 13th Amendment as well as the difference between the Indo Sri Lanka Accord and the 13th Amendment. I had in a recent Zoom participation with New Indian Forum under the Chairpersonship of Hon’ Vanathy Srinivasan mentioned that the full implementation of the Indo Sri Lankan Accord of 1987 would be mutually beneficial to us.

There are few matters that need your Excellency’s urgent attention.

1. It would be wise to get a commitment from Hon’ Mahinda Rajapaksa that India’s grant assistance of US$ 15 million for promotion of Buddhist ties between our two countries, especially construction / renovation of Buddhist monasteries and archaeological cooperation will not be used in the traditional Tamil homelands of the Northern and Eastern Provinces of Sri Lanka.

2. It would also be necessary to get a further commitment from Hon’ Mahinda Rajapaksa that any assistance or training to “strengthen cooperation between armed forces of the two sides …..” will not be used against the Tamil people in Sri Lanka.

Thank you.

I remain Yours Sincerely,

Justice C.V.Wigneswaran
Member of Parliament

Justice Wigneswaran
Member of Parliament
+94 21-221-7313

Related posts

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

colombotoday

ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

Admin

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

කංචන ඉන්ධන ඉල්ලන්න කටාර් යයි

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin