Articles

අඳුරේ අස් වසා පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විකුනයිද?

මෙරට ජල විදුලි බලාගරය නිමවා ඇත්තේ වැසි නොමැති කාල සීමාවක වුවද අවම මාස 8ත් 10 ත් අතර කාල සීමාවක් අඛණ්ඩව විදුලි සැපයීමට හැකි නිෂ්පාදන ධාරිතාවයක් තුළය.

විදුලි අර්බුදයට මූලිකම හේතුව පවතින කාලගුණය (වැසි නොලැබීම) යනුවෙන් සඳහන් කලත් දෛනිකව වැඩිවන විදුලි බල අවශ්‍යතාවයට නිසි කලට විදුලි බලාගාර ඇතිනොකිරීම සහ පවතින බලාගරය ප්‍රමිතිකරණයක් යටතේ නඩතුත් නොකිරීමත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රයෝජනයට නොගැනීමත් මත ඇති වූවකි. අනාගත විදුලිබල අවශ්‍යතාවයන් නිසි ලෙස ප්‍රතිරෝකථනය කර ගැනීමට ඇති නොහැකියාව මෙම අර්බුදයේ අවධාරණය කරගත යුතු දේශපාලනික දුර්වලතාවය යි.

සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් නිපදවීමට ලංකා විදුලි බල මණ්ඩලය වැය කරන්නේ රුපියල් 18 ක මුදලක් වන අතර මේ වන විට පුද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීම සඳහා ආසන්න වශයෙන් රුපියල් 30ක මුදලක් ඒකකයක් සදහා ගෙවීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ව්‍යාජව හෝ අදුර දර්ශි ක්‍රියා පිළිවෙත මත නිර්මාපිත විදුලි අර්බුදය විසඳීම සඳහා ඩුබායි සහ තුර්කි සමාගම් දෙකක පාවෙන විදුලි බලාගාර දෙකකින් මෙරටට විදුලිය ලබාදීමට, එකි පාවෙන බලාගාර දෙක කොළඹ මුහුදේ නැංගුරම් ලා තැබෙන්නේ කැබිනට් අනුමැතිය දෙන්නත් පෙරය. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා සඳහන් කරන්නේ එම සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම සඳහා එන සතියේ දී කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

අනාගත විදුලිබල අවශ්‍යතාවයන් නිසි ලෙස ප්‍රතිරෝකථනය කර ගැනීමට සභාපති වරයාට නොහැකි වුවත් කැබිනට් අනුමැතිය ගැනීමටත් පෙර විදෙස් සමාගම් වලින් පාවෙන විදුලි බලාගාර කොළඹ මුහුදු සීමාට ගෙන්වා තබා එමගින් අධික මුදලක් කිසිවකුගේ සාක්කුවලට ඔබා ගැනීමට යහපාලනය අවසන් යාමයේ ගෙදර යෑමට පෙර මීලග මංකොල්ලයන්ට පූර්විත අඩිතාලම සමගම ජවනිත‍ විය.

සැලසුමට අනුව කැබිනට් අනුමැතිය ලැබීමෙන් දික්ඕවිට ප්‍රදේශයෙන් ජාතික විදුලි පද්ධතියට මෙම බලාගාරවල විදුලිය සම්බන්ධ කිරීමට නියමිත අතර විදුලි බල ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක වන විදුලි මාෆියාව රජය විසින් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට තීරණය කිරීම සමඟ නිම වෙද්දි පාරිභෝගිකයන්ගේ ඇස් වසා ඔවුන් හොරකා සාක්කුවට ඔබා ගන්නා මුදල ජනතාවගෙන්ම පෙරලා අය කර ගැනීමටත් බොරදියේ ක්‍රියාත්මක සැලසුම් කරගත් පුල්මුඩේ ඛණිජ නිධිය විජාතික කරණය, ත්‍රීකුණාමලය වරාය ගිවිසුම ප්‍රමුඛ ජාතික සම්පත් මංකොල්ලයත් සිදු වනු ඇත.

ප්‍රියන්ත පතිරණ
නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී
ත්‍රීකුණාමලය

Related posts

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

“ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායක

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

“සාම කාලයේදීවත් මම ත්‍රස්‌තවාදීන්ට අතට අත දුන්නේ නැහැ“ ප්‍රභාකරන්ව මැරූ 53 සේනාකාධිපති සමග කතාබහක්!

colombotoday

සිරිසේන ජනාධිපති තුමනි දැන් මේ මළ ඉලව් සංහිදියාව නවත්වන්න.

colombotoday