Colombo Today Local News

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොයට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි  වසමට කාසන්තිව්කාඩු නැමති රජය සතු ඉඩම් අක්කර 10ට ආසන්න ප්‍රමාණයක ලුණු ලේවා හා ඉස්සන් වගා ඉදිකිරීම සදහා මහා පරිමාණයෙන් ඉවක් බවක් නොතකා කඩොලාන කපා දැවැන්ත වන සංහාරයක් සිදුකර ඇති බවට ජනතාව මැසිවිලි නගති.

මෙහිදී ධීවර ජනයා ඉතා මෑත කාලයක සිට අවාසනාවන්ත ඉරණමකට මුහුණපා ඇති බව කියයි. ඒ මන්ද  කලපුව සමීපයේ පිහිටා ඇති සුන්දර කඩොලාන පරිසරයට විනකටින්නන්ගේ රුදුරු අපලය දරුණු ලෙසම බලපා තිබීම නිසාවෙන් මොවුන් අද වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් කර පින්නාගෙන  සිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව නියලෙමින් අඩු මත්ස්‍ය අස්වැන්නකට හිමිකම් කියන බවත් එයින් ලැබෙන සොච්චම් මුදල තමන්ගේ ආර්ථිකයට ප්‍රමාණවත් නොවන බවයි.

ඉස්සන් වගා ඉදිකරමින් ලුණු ලේවා නවීකරණය කරමින් අක්කර දසදහස් ගණනක කඩොලාන රක්ෂිතය වද කිරීමේ අමානුෂික ක්‍රියා කලාපය හේතුවෙන් ධීවර කර්මාන්තයට මහෝපකාරී වන කඩොලාන රක්ෂිතය සීඝ්‍රයෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව කියයි.

රජය සතු ඉඩම් මෙලෙස නීති විරෝධීව අත්පත් කර ගැනීමෙන් අනතරුව ඒ සදහා    ව්‍යාජ ලිපි ලේඛණ සකසමින් ලුණු ලේවා සහ ඉස්සන් කර්මාන්ත ශාලා හිමියන්ට හොර රහසේම අලෙවි කිරීමේ   මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක් මෙන්ම අක්‍රමිකතා රැසක් සිදුවන බවට ජනතාව චෝදනා කරති.

මෙම ප්‍රදේශයේ නම් දැරූ සංවිධානාත්මක හොර ඉඩම් ජාවාරම්කරුවන් පිරිසකගේ නොමිනිස් ක්‍රියාකාරකම් වල අනිසි ප්‍රථිඵලයක් ලෙස මොවුන් විසින් රජය සතු කඩොලාන සංරක්ෂීත අධි සංවේදී කලාපයටද, පිඹුරුපත් සකසමින් ව්‍යාජ බල පත්‍ර යොදා පිටස්තර ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ කුට ජාවාරම නිසාවෙන් මේ වන විට එම ප්‍රදේශයේ වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති කඩොලාන සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.

මෙම ඉඩම් මංකොල්ලය පසු පස දේශපාලන මෙන්ම පරිපාලන අංශවලද නොමද සහය මේ හොර නඩයට නිරන්තරයෙන් පිටුවහලක් බවට පත්ව තිබීම පුදුමය දනවන්නක්ව තිබේ.

දේශපාලන අංශයෙන් හෝ පරිපාලන අංශයෙන් ඔවුන් තරයේ ඉල්ලා සිටින්නේ කාන්තාර කරණයට  අතවනන පුත්තලම කාසන්තිව්කාඩු ප්‍රදේශයේ ශාරය උරා බොන ඉස්සන් වගා ඉදිකරන්නන්ගේ ග්‍රහණයෙන් මුදා මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩොලාන සම්පත රැක ගැනීමට කටයුතු කරන ලෙස ඉහල බලධාරින්ගේ කාරුණික අවධානය යොමු නොකර                   අදාල වග කිව යුතු බලධාරින් මෙම ඉඩම් මංකොල්ලයේ අනුබල දෙන්නන් බවට පත්ව තිබීම නිසාවෙන්       ‘‘ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ’’ යැයි කියන සමහර ඇත්තෝ ඉල්ලා සිටින්නේ පරිසරයට විනකටින මෙවැනි ක්‍රියා සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන්නේනම් නුදුරේදී කාන්තාරකරණයට අතවනමින් සිටින පුත්තලම කාසන්තිව්කාඩු කඩොලාන ග්‍රහනයෙන් පිරුණ ප්‍රදේශයක් බවට පත් කල හැකි බවයි.

 

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී පුත්තලම ප්‍රාදේශිය ලේකම් සංජීවනි හේරත් මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

ඇත්තටම ඔය කියන ප්‍රදේශය මගෙ බල ප්‍රදේශයට අයති කොටසක් නමුත් පොඩි ගැටළුවක් තියෙනවා. ඒ මොකක්ද කියනවනම් කඩොලාන සංරක්ෂිත කලාපය එසේත් නැතිනම් කලපුව ආශ්‍රිත කඩොලාන ගහන ප්‍රදේශ සතු ඉඩම් රජය සතු උනත් වන සංරක්ෂනය භාරයේ තමයි පාලනයක් සිද්ධ වෙන්නෙ. නමුත් අපි රජයෙ බලධාරින් විදියට මෙවැනි විනාශයක් කිසිසේත්ම සිදුවෙන්න ඉඩ තැබීම නරකයි. ඒ නිසා මම වහාම ක්‍රියාත්මක වන පරිදි වසම භාර ග්‍රාම නිළධාරි වරයාව ලිඛිතවත් වාචිකවත් දැණුවත් කලා ඒ සිදුවෙලා තියෙනව සංහාරය පිළිබද වහාම මට වාර්තා කරන්න කියලා ඒ විතරක් නෙමෙයි. අදාළ හානි පූර්කය සිදුකල පුද්ගලයා මගෙ කාර්යාලයට කැඳවාගෙන එන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. අපි මේ පිළිබඳ වන සංරක්ෂණ නිලධාරින් දැණුවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි මේ පිළිබද දැණුවත් කිරීම සම්බන්ධයෙන්

 

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුමකදී පුත්තලම අඩවි වන නිළධාරි කාර්යාලයේ අදාළ වසම භාර  වන ක්ෂේත්‍ර සහකාර ජේ.එම්.එස්.ජයසුන්දර මහතා පවසා සිටියේ මෙවැන්නකි.

අපි ඔය සිද්ධිය කලින් වාර්තා කරලා තියෙන්නෙ. නමුත් අපි නැවත වතාවක් ඔය කියන ස්ථානය බැලීමට ඔරුවක් ආධාරයෙන් ගියා ගිහින් නිරික්ෂණය කලා පවතින ජල මට්ටමත් එක්ක අපිට නිශ්චිතවම කියන්න බැහැ මේ කොටසෙ අක්කර කීයක් තියෙනවද කියලා තව දෙයක් තමා විශාල හානියක් සිදු කරලා තියෙනවා මේ පිළිබද අපි විමර්ශණයක් කරගෙන යනවා. මීට කලින් මෙවැනි හානියක් සිදුකරපු පිරිසකට අපි අධිකරණය හමුවේ නඩු පවරලා නෛතික ඔවුන්ට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කලා. මේකෙ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ අපිට ඒ නිසා මෙවැනි වන සංහාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස අපි නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනවා ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරනවා. මේ සංහාරයට සම්බන්ධ සැකකරුවන් කව්රුන්ද කියා සොයා ගෙන නැහැ මේ වන තුරු නමුත් ජල මට්ටම බැස යාමත් සමග සැකකරුවන් සොයා අපි පුළුල් පරික්ෂණ ආරම්භ කරනවා.

පුත්තලම ප්‍රියංකර කළුපහන

Related posts

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

colombotoday

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

colombotoday

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin