Articlesextremism & terrorism activities

ලිංගික සන්තර්පනයේ උත්තරීතර අපේක්ෂාව මනුෂ්‍ය පරපුරේ පැවැත්ම සහතික කිරීමයි. මුස්ලිම් උපත් වැඩිවීමට බලපාන කුරානයේ එන ඉගැන්වීම්

මුස්ලිම් ජනගහනයේ සීග්‍ර වර්ධනය පිළිබඳව පසුගිය කාලය පුරාම රට තුලත් ලෝකය තුලත් මහත් කතාබහකට ලක්විය. ලෝකයේ සමහර රටවල් උපත් සිමා කිරීමට නව නීති පවා ගෙන ඒමට කටයුතු කලේ මුස්ලිම් දරු උපත් ප්‍රමාණය ඉහල අගයක් ගැනීම පදනම් කරගෙනය.

මේ පිළිබඳව කතාබහක් ගොඩනැගෙන අතර තුර, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කලේ මේ සියලුම ගැටලුවලට හේතුව ඉස්ලාම් ආගමේ න්‍යාය ඒ ආකාරයෙන්ම භාවිතයට ගැනීමට ඉස්ලාම් භක්තිකයන් පෙළඹවීම බවයි. ඉස්ලාම් ත්‍රස්තවාදය ඇතුළු ලෝකයේ ජාතින් මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ඉස්ලාම් ආගමේ න්‍යාය ඒ අයුරින්ම භාවිතයට නොගෙන නූතන ලෝකයට ගැලපෙන පරිදි මුස්ලිම් ජාතිකයා වෙනස් විය යුතු බවට උන්වහන්සේ කිහිප අවස්ථාවක යෝජනා කර තිබුණි.

ඒ අනුව අප විසින් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය හෙවත් සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර බෙදා හරින ලද ISBN අංක 978-955-0801-18-3 දරන කුරාණයේ මුස්ලිම් උපත් ප්‍රතිශතය ඉහල අගයක රඳවා ගැනීමට දිරිමත් කරන ඉගැන්වීම් පිළිබඳව සොයාබැලීමක් සිදු කරන ලදි.

කුරාණයේ සුරා අල් බකරා හී සඳහන් 2:222 සහ 2:223 වගන්ති දෙක සහ ඒ පිළිබඳව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් ලබා දී ඇති අර්ථ නිරුපනය පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කර සිටිමු.

2:222 වගන්තිය

(නබිවරයා) ඔසප් පිළිබඳව නුඹගෙන් ඔවුහූ විමසන්නොය. “එය කිලිටකි” යැයි පවසව්. එහෙයින් ඔසප් (කාලයේ)හී භාර්යවන්ගෙන් (ලිංගික ඇසුරෙන්) වැලකී සිටිවූ.

ඔවුන් පිරිසිදු වන තෙක් ඔවුන් සමග (ලිංගික ඇසුරට) සමීප නොවව්. ඔවුන් පිරිසිදු වූවානම් අල්ලාහ් නුඹලාට නියමකළ පෙදෙසින් ඔවුන් වෙත යව්.

සැබවින්ම (තමන් කල වරදට පශ්චාත් තාපයේ නියැලෙන්නන්ව අල්ලාහ් ප්‍රිය කරන්නේය. තවද පිවිතුරුව සිටින්නන්ව ද අල්ලාහ් ප්‍රිය කරන්නේය.

උලමා සභාවේ අර්ථ දැක්වීම (පිටු අංක 74)

මෙයින් අදහස් වන්නේ මෙම කාලයෙහි බිරියන් සමග ලිංගික සංසර්ගයේ යෙදීම පමණක් තහනම් වන අතර ඒ හැරුණු කොට ඔවුන්ව ස්පර්ශ කිරීම, ඔවුන්ව සිප ගැනීම වැනි ඔවුන් සමග සුහදව හැසිරීම යන අනෙකුත් ඇසුරුකම් තහනම් නොවන්නේය යන්නය.

අල්ලාහ් නුඹලාට නියමකළ පෙදෙසින් ඔවුන්වෙත යව් යනු ලිංගික අසුරෙහිදී ගුද මාර්ගය සංසර්ගය සඳහා උපයෝගී නොකොට සම්මත අයුරින් එහි නියැලීමය. තවද මෙහිදී අල්-කුරාණයේ වාග් අලංකාරය සඳහා මෙවන් අදහස් සෘජුව භාවිතා නොකොට වක්‍රව භාවිතා කොට ඇත.

2:223 වගන්තිය

නුඹලාගේ භාර්යාවෝ නුඹලාට වපුරන කෙතකි. නුඹලාගේ කෙතට නුඹලා අභිමත අයුරින් යව්.

නුඹලා වෙනුවෙන් (යහපත් ක්‍රියාවන්) නුඹලා පෙරටු කර ගනිව්. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වව්. තවද නුඹලා ඔහුව මුණගැහෙන්නන් බව දැන ගනිව්. විශ්වාස කළවුනට ශුභාරංචි පවසව්.

උලමා සභාවේ අර්ථ දැක්වීම (පිටු අංක 75)

මෙහි ස්ත්‍රිය වපුරන කෙතකට උපමා කර ඇත්තේ ලිංගික සන්තර්පනයේ උත්තරීතර අපේක්ෂාව මනුෂ්‍ය පරපුරේ අඛණ්ඩ සහතික කිරීම බව පෙන්වීමටය. ලිංගික ඇසුරේදී කායික මානසික තෘප්තිය මෙන්ම ධාර්මික දුදරුවන් අපේක්ෂා කිරීමද මෙහි අවධාරණය කොට ඇත. කෙතක ගොවිතැන් කරන්නා එහි නියැලීමෙන් ලබන්නා වූ සතුට මෙන්ම සාර්ථක අස්වැන්නක් ලැබීමෙන් ද ඇතිකර ගන්නේ විශාල සතුටකි.

මෙයින් අදහස් වන්නේ විවාහ බන්ධනය යනු ලිංගික ආස්වාදයන් පමණක් මුල් කර ගනිමින් ඇති කරන්නක් නොව එම විවාහ බන්ධනය තුලින් සහ ක්‍රියාවන්හි නියෙලෙමින් බිය භක්තිමත් පරපුරක් ඇති කිරීමට උත්සාහ කිරීම යන්නයි.

මෙම වගන්ති දෙක සහ ඒ සඳහා සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් ලබා දී ඇති අර්ථ නිරුපනවලින් පෙනී යන්නේ මුස්ලිම් ජනතාවට දරුවන් වැඩි වැඩියෙන් සැදීම සඳහා සිදුකරන දිරිමත් කිරීමයි. මෙහි ස්ත්‍රිය පිරිමියාගේ “කෙත” ලෙස උපමා කර අස්වැන්න ලෙස “දරුවන්” අර්ථ දක්වා “නුඹලාගේ කෙතට නුඹලා අභිමත අයුරින් යව්.” ලෙස සඳහන් කර ස්ත්‍රිය දරුවන් හදන මැෂිමක් බවට පත් කර ඇත.

“විවාහ බන්ධනය තුලින් සහ ක්‍රියාවන්හි නියෙලෙමින් බිය භක්තිමත් පරපුරක් ඇති කිරීමට උත්සාහ කිරීම යන්නයි.” යන අර්ථ නිරූපණය තුලින් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය, විවාහය යනු හුදු මුස්ලිම් ජනතාව බෝ කිරීමට සිදුකරන ක්‍රියාවක් ලෙසට අර්ථ දක්වා ඇත.

2:222 වගන්තිය අර්ථ කථනය කිරීමට “අල්ලාහ් නුඹලාට නියමකළ පෙදෙසින් ඔවුන්වෙත යව් යනු ලිංගික අසුරෙහිදී ගුද මාර්ගය සංසර්ගය සඳහා උපයෝගී නොකොට සම්මත අයුරින් එහි නියැලීමය.” යන්න භාවිතා කර ඇත. ඉස්ලාම් ත්‍රස්තවාදීන් ලොවපුරා සමලිංගිකයින් ඝාතනය කරනු ලබන්නේ මෙම වැකිය උපයෝගී කරගෙන බවටද මතයක් ඇත.

මේ ආකාරයේ කරුණු ආගමික ග්‍රන්තයකට ඇතුලත්ව තිබීම පුදුම සහගතය. ප්‍රථමික කුරානයේ අඩංගු මෙවැනි කරුණු නුතන සමාජයට ගැලපීමට යාම අද සමාජයේ ජාතින් අතර ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට හේතුවක් නොවන්නේද?

Related posts

මහමෙව්නා අසපුවේ ශාසනවිලෝමක යාන්ත්‍රණය හා නව ප්‍රවණතා

colombotoday

“මහින්දව නොමග යැව්වේ ඔහු වටේ සිටි අයයි“ දිගු නිහැඩියාවකින් පසු ශිරන්තිගෙන් ආන්දෝලනාත්මක කතා ගණනාවක්

colombotoday

යුධ සෙන්පතියන් ගස් යවන චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

colombotoday

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

colombotoday

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

2019 මාර්තු පහර දුන් ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් යලි පහර දෙයි

colombotoday