Colombo Today Local News

ආගම කතෝලිකනම්, කුලය දුරාව නම් එයා කොලිටි… අධිකරණයේ උසස්වීම් දෙන්න රන්ජන් ආගම, කුලය සැලකූ හැටි !

මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය රජය සමයේ අධිකරණ හා පොලිසියේ ඉහළම නිලධාරීන් සමග පැවැත්වූ දුරකථන සංවාදවල හඩපට සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍ර යේ සහ සමාජයේ දැඩි කැලඹීමක් ඇතිව තිබේ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟද සාකච්ඡා කරමින් මීළගට අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන අයුරු සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රාමනායක මහත්මිය උසස්වීමක් ඉල්ලා රන්ජන් රාමනායක අමාත්‍යවරයාට ඉදිරියේ බැගෑපත් වන අයුරුද එම හඩපටවල දැක්වෙයි.

මෙලෙසට ප්‍රසිද්ධියට පත්ව ඇති තවත් හඬපටයක නිශාන්ත ද සිල්වා කන්දප්පා අමතන රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරයෙකුගේ ආගම සහ කුලය විමසා සිටී.

එහිදි රංජන් රාමනායක පවසන්නේ ආගම කතෝලික හා කුලය දුරාව නම් ඔහු “කොලිටි” බවයි.

මෙය සමාජජාලා මාධ්‍යයන්ගේ අතිශය කතාබහට ලක්ව තිබෙනා අතර මෙරට අධිකරණ ක්‍රියාවලියේ විනිසුරුවරුන්ට උසස් වීම් ලබා දීමට නොව කිසිඳු තනතුරක් දැරීමට ආගම සහ කුලය සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබිණි.

Related posts

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

colombotoday

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

colombotoday

භූමිදානය කරතිබූ මවකගේ හිස කපාගෙන ගිහින්

Admin

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday