Colombo Today Local News

රන්ජන් රාමනායක සමාජය සමූහ වශයෙන් දුෂණය කළා

සමාජය සමූහ වශයෙන් දුෂණයට ලක්කරමින් අධිකරණ ක්ෂේත්‍රයේ සිට මහා සංඝරත්නය දක්වාම නොයෙක් තරාතිරම්වල අයට අපාහස උපහාස කරමින් කටයුතු කළ රන්ජන් රාමනායක නමැති සමූහ සමාජ දූෂකයාට අධ්කරනයාට් අපහස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් ලැබීම ගැන සතුටට පත්වන බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුරුගොල්ලේ ශ්‍රී ජිනානන්ද ස්වාමීන් පැවසුවා.

අද (12) බත්තරමුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

”හිගන්නෙක් මහා පාර මත මලපහ කරන්නේ නැහැ. ගණිකාවක පාරක මලපහ කරන්නේ නැහැ. හැබැයි රන්ජන් රාමනායක කියන්නේ සමාජ මාධ්‍ය කැඳවාගෙන නිරුවතින් පාරක් මත මලපහ කරන්න පුළුවන් පහත් පුද්ගලයෙක් බව අපි තේරුම් ගන්න ඕනේ. එවැනි පහත හැසිරීමක් තිබෙන මෙම පුද්ගලයා විසින් සමස්ත සමාජයම කඩා වැට්ට්වීමකට ලක්කළා” යනුවෙන් උන්වහන්සේ කියාසිටියා.

රන්ජන් රාමනායක මහතාගේ හැසිරීම පාදක කරගෙන වසර 30ක සමාජ ජලා හා මාධ්‍ය තහනමක් පැනවීම සිදු කළ යුතු බවටද අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසුවා.

රන්ජන් රාමනායක විසින් සමාජය දූෂණය කරමින් විනාශ කරන්නේ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය යොදාගෙන වන නිසා තමන් වහන්සේ මෙම ඉල්ලීම කරන බවයි උන්වහන්සේ පැවසුවේ.

ඔහු යළි සමාජයට පිළිලයක් විය යුතු නැති බවද උන්වහන්සේ පෙන්වාදුන්නා.

සමාජ මාධ්‍ය යොදාගෙන අපහාස කරන්නන්ට මෙය හොද පාඩමක්.

මෙම කාරණය ඇතුළු කරුණු පහක් පාදක කරගෙන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් අගවිනිසුරුවරයාට හා නීතිපතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

පිල්ලෙයාන්ගේ සිද්ධිය හා රන්ජන් රාමනායකගේ සිද්ධි අතර එකිනෙකට සම්බන්ධයක් නැහැ.

රන්ජන් රාමනායක කියන්නේ විෂබීජ වාහකයෙක්.

ඔහු දේශපාලන පළිගැනීම් කරන පුද්ගලයෙක්.

Related posts

ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.

colombotoday

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

ජනපතිට සහ අගමැතිට බැසිල්ගෙන් යෝජනාවක්

colombotoday

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

colombotoday

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් ළගදීම වෙළෙදපොළට

colombotoday