Colombo Today Local News

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

තමන්ගේ නිවස සදහා අලුතින් විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සදහා ඉල්ලුම්පතක් විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කලත් තම නිවසට ආසන්න නිවසක විදුලි සම්බන්ධතාවයක් හේතු කර ගනිමින් තම නිවසට විදුලිය ලබා දීම ප්‍රමාද කිරීමට විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් කටයුතු කරන බවත් එසේ කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සමාන ලෙස සැලකිලි ලැබීමට තිබෙන අයිතිය උල්ලංඝණය කර ඇති බවත් සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ තවදුරටත් සදහන් කර ඇත්තේ කෙරවරපිටිය ස්භාවික වායු විදුලිබලාගාරය චීන සමාගමකට ලබා දීමට එරෙහිව තමා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එහි වගඋත්තරකරැ ලෙස විදුලිබල මණ්ඩලය නම්කොට ඇති බවත්ය. තවද පසුගිය කාලය පුරා විදුලි ඉංජිනේරැවන්ගේ වැටුප් පිළිබදව හා ඔවුන්ගේ ආදායම් බදු විදුලි බල මණ්ඩලය විසින් ගෙවීම පිලිබදව මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇති බවත් එම කරැණු හේතු කර ගෙන තමන්ට විදුලි සම්බන්ධතාවට ලබා දීම ප්‍රමාද කරන බවත්ය.

මේ පිළිබද අප විසින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් විමසා සිටීමේදී ඔහු සදහන් කළේ නීතිවේදිනියක වන තම බිරිදගේ නමින් තම නිවසට නව විදුලි සබදතාවයක් ලබා ගැනීම සදහා අයදුම්පතක් ඉදිරිපත් කලත් පිළිගත හැකි හේතු නොමැතිව ඒම විදුලි සම්බන්ධතාවය ලබා දීම ප්‍රමාද කරන බවය. මේ පිළිබදව ශ්‍රෙෂ්ඨාධිකරණය දැනුවත් කිරීමට තමන් කටයුතු කරන බවත් කුමන බලපෑම් ආවත් තමන් විසින් මෙරට පාරිභෝගිකයින් සදහා කරනු ලබන සේවය නවතා දැමීමට හෝ ශ්‍රෙෂ්ඨාධිකරණයේ පවතින නඩුව ඉවත් කර ගැනීම සදහා කටයුතු නොකරන බවත්ය.

Related posts

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – CIDය උසාවියට දන්වයි

colombotoday

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

colombotoday