Colombo Today Local News

“ආණ්ඩුව දොඩවන පුරසාරම් ඔක්කොම බොරු.. ආණ්ඩුවට ඉලක්කයක් නෑ” රතන හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රූපවාහිනී සංවාදයකට එක්වෙමින් යහපාලන රජය මේ වන විට මුහුණ දී තිබෙන අර්බුදයන් රැසක් පිළිබදව කරුණු හෙළිදරව් කරනු ලැබීය.

මෙම හමුවේදී අදහස් දැක්වූ උන්වහන්සේ ලෝකය දිනාගත් බවට ආණ්ඩුව දොඩවන පුරසාරම බොරුවක් බවත් යුරෝපය ඇමරිකාව ඇතුළු සියළු රටවල් බංකොලොත් බැවින් චීනය නොමැතිව ඉදිරි ගමනක් නොමැති බවද හෙළිකළේය.

එමෙන්ම චීනයේ හොඳ හිත දිනාගැනීම පිළිබඳ තවමත් අදහසක් නොමැති බවත් පෝට් සිටි ව්‍යාපෘතිය ඇරඹීමෙන් පසුව නැවතත් සම්බංධතා ගොඩනැගෙනු ඇතිබවට විස්වාසය පළකළේය.

එමෙන්ම ආණ්ඩුව පවසන ආකාරයෙන් ආයෝජන ගලා ඒමක් සිදුනොවනු බවත් ආර්ථික අර්බුදයක් පැවතීම සත්‍යයක් බවත් එය කළින්ද පැවතුන බවත් පැවසීය.

ආණ්ඩුවට තවම ඉලක්කයක් නොමැතිවීම විශාලම අඩුවක් බවත් මහින්ද රාජපක්ෂ යුගයේ පළමු වසර පහ තුල හොඳ ඉලක්කයක් පැවතුන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අනාවරණය කළේය.

Related posts

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

colombotoday

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday