Colombo Today Local News

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, අයගම, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑම් සිදු වී තිබෙන බව රත්නපුරු දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් අද (21) පෙ.ව. 10.00 වන විට පවුල් 2162 ට අයත් පුද්ගලයන් 8556 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ආපදාවලට ලක්ව ඇති කොටඨාසවල කඳවුරු 10 ක පවුල් 98 ක් සිටිති. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ග්‍රාම නිලධාරීන් මගින් සිදු කරනු ලබයි.

කිරිඇල්ල, ඇලපාත, අයගම, රත්නපුර, කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මගින් බෝට්ටු 02 බැගින් බෝට්ටු 10 ක් ලබා දී ඇත. අවශ්‍ය වුවොත් භාවිතා කිරීමට තවත් බෝට්ටු 03 ක් සූදානම්ව ඇත.

විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, යුධ හමුදාව, නාවික හමුදාව හා පොලීසිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අවශ්‍ය සහන සේවා සලසන බව ද මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ෂයට

colombotoday

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

colombotoday