Colombo Today Local NewsExclusive :

හකීම්ගේ ත්‍රස්ත සුරතල්… තවත් සාක්ෂි ලීක් වෙයි… බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් ගේ (සහරාන්ගේ මල්ලි) සුව දුක් බලන්න ගිහින්….

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොයුරාවන රිල්වාන් හෂීම්ගේ සුවදුක් බැලීම සදහා රවූෆ් හකීම් ඇමතිවරයා ගෝස් සිටින ඡායාරූපයක් අනාවරණය වී තිබේ.

මෙම රිල්වාන් ත්‍රස්තවාදියා පාස්කු 21 ප්‍රහාරයෙන් දින තුනකට පසු ආරක්ෂක අංශ සමග කල්මුනේ සයින්දමරුදු හිදී කළ වැටලීමක් අතරතුර බොම්බ පුපුරුවගෙන මිය ගියේ ය.

එම පුද්ගලයා එක් ඇසක් හා අතක් අහිමි අයෙකු වන අතර, මෙසේ ඔහු තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩියේ පවත්වාගෙන ගිය රහසිගත කදවුරකදී බෝම්බ අත්හදා බැලීමකදී බවට බුද්ධී අංශ අනාවරණය කරගෙන තිබිණි.

රවුෆ් හකීම් ඇමතිවරයා මෙසේ ඔහුගේ සුවදුක් බැලීමට ගොස් ඇත්තේ එම බොම්බ අත්හදා බැලීමේදී සිදුවූ අනතුරෙන් තුවාල වී සිටියදී බවද සැලකේ. බෝම්බ අනතුරෙන් අසාධ්‍ය තත්වයේ සිටි රිල්වාන් හොර රහසේ කාත්තන්කුඩියේ සිට කොළඹට ගෙන්වා කිසිඳු ලේඛනයක සටහනක් පවා නොතබා සූක්ෂම ආකාරයකට රජයේ රෝහලකින් ප්‍රතිකාර කරවීම සම්බන්ධව ක්‍රියාත්මක වූ ප්‍රබල දේශපාලන හස්තය කාගේදැයි මේ අනුව අනාවරණය වේ.

ඇමතිවරයා සමග රිල්වාන්ගේ සුවදුක් බැලීම සදහා මුල්ලිම් කොංග්‍රස් පළාත්සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් ද එක්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ. සහරාන් හෂීම් සමග අතිෂය සමීප ඇසුරක් පැවැත්වූ ෂිබ්ලි ෆාරුක් මන්ත්‍රීවරයා, බෝම්බ පුපුරුවා ගැනීමෙන් තුවාල ලබා සිටි සහරාන්ගේ බිරිද රැගෙන යෑම සදහා බලහත්කාරයෙන් අම්පාර රෝහලට ඇතුළු සිදුවීමක් ද වාර්තා විණි.

රවූෆ් හකීම් ඇමතිවරයා සහරාන් හෂීම් සමග සුහද සාකච්ඡාවක නිරත වී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් දින කිහිපයකට පෙරද අනාවරණය වූ අතර, ඇමතිවරයා පුන පුනා කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් මෙය දේශපාලන මඩ ගැසීමක් බවත්ය.

රිල්වාන් හෂීම්ගේ ඇසක් සහ අත අනතුරට ලක්ව ඇත්තේ බෝම්බ අත්හදාබැලීමකදී බවට බුද්ධි අංශ පවා අනාවරණය කරගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී වන අතර, රවූෆ් හකීම් ඇමතිවරයා සහ ඔහුගේ සමීප සගයන්, පාස්කු ප්‍රහාරයට පෙරද, සහරාන් කල්ලියේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හොදින්ම දැන සිටි බවට මෙම ඡායාරූප අනුව අනාවරණය වේ.

බෝම්බ අත්හදාබැලීමේදී සිදුවූ අනතුරෙන් අතේ ඇගිලි සහ ඇසක් අහිමි වූ රිල්වාන්, සහරාන් හෂීම් සමග

Related posts

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

colombotoday

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

colombotoday

තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන්න – ජානක බණ්ඩාර

Admin

රත්තරන් මිල ඉහළට

Admin