Colombo Today Local NewsHot News

රවී දැඩි කළකිරීමෙන්… බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා එජාප නායකත්වය තමන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබදව දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

රවී කරුණානායක මහතා ඊයේ පැවති එජාප මැයිදින රැලියට ද වර්ජනය කර ඇත්තේ මේ හේතුව නිසා යැයි ආරංචි මාර්ග සදහන් කරයි.

රවී කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා නොදීම පිළිබදව ඊයේ මැයි රැලියට පැමිණි එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කතාබහ වී ඇත. රවී කරුණානායක මහතා ඇමති ධුරයක් ලබා දෙනවා විරෝධය දක්වා ඇත්තේ විශ්වාසභංගයේදී අගමැතිවරයා පරාජය කිරීමට සූදානම්ව සිටි පිරිස බවත්, ඔවුන්ගේ ඉල්ලීම මත, වසර විසි පහක් පුරා එජාපය සහ පක්ෂ නායකත්වය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කළ රවී කරුණනායක මහතාට ඇමති ධුරයක් ලබා නොදිම සාධාරණ නොවන බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා දුෂණ පිළිබදව විමර්ශනය කිරීම සදහා ආරම්භ කර ඇති ජනාධිපති කොමිසමේ නිරීක්ෂණ අනුව කබීර් හෂීම් ඇමතිවරයාටද චෝදනා එල්ල වී ඇති බවත්, එසේ චෝදනා එල්ල වූ පමණින් ඇමති ධුර ලබා නොදිය යුතු නම් කබීර් හෂීම් ඇමතිවරයාට අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ කෙසේදැයි යන්නද එම ජ්‍යෙෂ්ට දේශපාලකයන් පිරිස කතා බහ වී ඇත.

මේ අතර ජනාධිපති කාර්යායේ ඉහළපෙලේ ආරංචි මාර්ග පවසන්නේ රවී කරුණානායක මහතාට ඇමතිධුරයක් ලබා දීම පිලිබදව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ ශ්‍රීලනිප පාර්ශවයෙ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි. එහෙත් මේ දක්වා රවි කරුණනානායක මහතාට අමතිධුරයක් ලබා දෙන්නැයි අග්‍රමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කිසිදු නිර්දේශයක් ඉදිරිපත් වී නොමැති බවද එම ආරංචිමාර්ග කියා සිටී.

විශ්වාසභංගය ජයග්‍රහණය කළ පසු අගමැතිවරයා තමාට ලිඛිතව පොරොන්දු වූ පරිදි ඇමති ධුරයක් ලබා දීමට නිර්දේශ නොකිරීම පිළිබදව දැඩි ලෙස කලකිරිමට පත්ව සිටින රවී කරුණානයක මහතා ඉදිරි දින කිහිපයේදී බරපතල දේශපාලන තීන්දුවක් ගැනිමට නියමිත බවද ආරංචිමාර්ග සදහන් කර සිටී.

Related posts

වාහන දෙකක් හප්පා දියවන්නාවට පැන්න සැප රියේ හිමිකරුට අධිකරණය අද දුන් දඩුවම…

colombotoday

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

colombotoday

කටඋත්තරය ආපිට කැරකෙයි.. ලසන්ත ඝාතනයට ෆොන්සේකා අත්අඩංගුවට ?

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද සිට වෙළෙඳපොළට.

colombotoday

ලංකාවේ යුධ උපකරණ 63ක් රට පටවයි.. කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday