Colombo Today Local News

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට ලබා දීම සඳහා රහස් සාකච්චා සිදුවෙම්න් පවතින් බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා.

මෙම සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ අමාත්‍ය විමල් විරවංශ අතර සිදුවන බවට වාර්තා වේ.

රවී කරුණානායක සහ විමල් විරවංශ අතර පසුගිය වසර කිහිපයේ මිත්‍රත්වයක් ගොඩ නැගී ඇති බවත් පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදී විමල් විරවංශ මහතාට රවී කරුණානායක මහතා විසින් උපකාර කර ඇති බවත් පැවසේ.

සජිත් ප්‍රේමදාස පාර්ශවය එක්සත් ජාතික පක්ෂය හැර යාමෙන් පසුව එළෙඹෙන මැතිවරණයේදී එජාපය දැඩි පසු බෑමකට ලක්වීමට ඉඩ ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් අදහස් පල කර ඇත.

Related posts

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday

මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ..

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

colombotoday