Colombo Today Local NewsHot News

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

2015 වසරේ තමන් විසින් සිදුකරනු ලැබූ ආපදා රක්ෂණාවරණය නිසා ගංවතුරෙන් මෙන්ම ඇතිවන ස්භාවික ආපදාවන්ගෙන් මියයන් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක් වන්දි වශයෙන් ලබාදිය හැකියැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ගංවතුර හේතුවෙන් අබලන්ව ඇති කොළඹ මාර්ග පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පලකලේය.

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව තමන් ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා මුළු රටම රක්ෂණය කල බව අනාවරණය කල අමාත්‍යවරයා ඒ හේතුවෙන් ආපදා තත්වයකදී රජය වැයකල යුතුව තිබූ රුපියල් මිලියන 6000ක මුදල රුපියල් මිලියන 300 දක්වා අඩුකර ගැනීමේ හැකියාව ලැබුණු බවද අනාවරණය කලේය. ක්‍රමානුකූලව වාරික මුදල් ගෙවා මේ ප්‍රතිලාභය ජනතාවට ලබාදීමට වත්මන් බලධාරීන් මෙන්ම නිලධාරීන්ද කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා සිය විශ්වාසය පල කලේය.

Related posts

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ.. රැඳවියෝ තුනක් විභාගය ලියයි.

colombotoday

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin