Colombo Today Local News

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

ඉන්ධන මිල සූත්‍රය ලංකාවට නොගැලපෙන්නක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (19) මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියාය.

ඔහු පවසන්නේ ජනතාවට සහන ලැබෙන ආකාරයෙන් මෙන්ම ඛණිජ තෙල් සංස්ථාවට අලාභ නොවන ලෙස මිල තිරණය කිරිමේ ක්‍රමවේදයක් සැකසීම ප්‍රමාණවත් බවයි.

මේ අතර ඉන්ධන මිල සූත්‍රය ජනතාව රැවටීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් බව ඒකාබද්ධ විපක්ෂයේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර ඉන්ධන මිල සූත්‍රය කිසිදු තාර්කික පදනමක් නොමැති විජ්ජාවක් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Related posts

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානී අත්අඩංගුවට

colombotoday

යුද අපරාධ චෝදනා විභාග නොකළොත් හමුදාව ජාත්‍යන්තර අධිකරණය හමුවට – ඇමැති මංගල අනතුරු අඟවයි

colombotoday

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin