Colombo Today Local News

බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ – සජිත්ගෙන් රවීට ප්‍රහාරයක්

ජනතාව ආලෝකය බලාපොරොත්තුවෙන් සිටියත් ඔවුන්ට ලැබෙන්නේ අන්ධකාරය බවත් ඒ අනුව වසලයා කවුද බ්‍රාහ්මණයා කවුද යන්න ජනතාව විසින් තීරණය කරනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දෙමව්පියන්ගේ නම් කියමින් ප්‍රසිද්ධ වීමට ඇතැමුන් කටයුතු කරන බවට පසුගියදා රවී කරුණානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙසේ අනුන්ට චෝදනා කරන පුද්ගලයින්ම ලංකා ඉතිහාසයේ වසලම වැඩ කළ බවත් ඔවුන් තැනකට ගියොත් එය ඉවරම කරන බවත් වගකීමක් භාරගත්තොත් එම වගකීම විනාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම, කිසිම දිනක බැංකු කඩා බ්‍රාහ්මණයෙක් විය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා තමන් හෝ තමන්ගේ භාර්යාව යොදවා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ ක්‍රියාවක් නොවන බවයි ප්‍රකාශ කළේ.

එහෙයින් ඉතාම කෙටි කාලයක් තුළ වසලයින් කවුද බ්‍රාහ්මණයින් කවුද යන්න තීරණය කිරීමට ලංකාවාසී ජනතාවට ප්‍රඥාව පහළ වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

Related posts

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව – අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්

colombotoday

තෙරුවණට අපහාස කළ අබ්දුල් රාසික්ට ඇප නෑ.. නැවතත් රිමාන්ඩ්

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday

බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණ

colombotoday

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday