BusinessColombo Today Local News

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

පෙරේදා (16) දින පැලියගොඩ පොලිස් ස්ථානය සිදුකල විශේෂ වැටලීමකදී පැලියගොඩ නුගේ පාරේ පිහිටි Renuka Foods PLC ආයතනයට අනුබද්ද සමාගමක් වන Shaw Wallace Ceylon Ltd ආයතනය සතු ආහාර ද්‍රව්‍ය අසුරන කර්මාන්ත ශාලාවක චීනයෙන් ගෙන්වන ලද කල් ඉකුත් වූ ජම්බෝ පීනට් පැකට් නැවත අලුත් ඇසුරුම් වෙත අසුරමින් සිටියදීයි හසුවී ඇත.

මෙහිදී කල් ඉකුත් වූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ජම්බෝ පීනට් පැකට් 118,000ක් පමණ සොයාගෙන ඇත. ඒවා එම පැකට් වලින් ඉවත් කර නව දවටන සහ කල් ඉකුත්වීමේ දින සහිත පැකට්වලට අසුරන අවස්ථාවේදී අදාළ තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට එම ස්ථානය මුද්‍රා තබා පොලිස් නිලධාරින්ද යොදවා ඇති බව නියෝජ්‍යය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (17) සඳහන් කරන ලදි.


අදාළ සමගම විසින් රේණුකා පොල් කිරි ආශ්‍රිත නිෂ්පාදන, Renuka Captain ටින් මාළු, Richlife කිරි නිෂ්පාදන, Renuka Captain සොයා මීට්, Mr. POP නිෂ්පාදන, Mayfair චුයින්ගම්, Renute තේ නිෂ්පාදන, Sun Gold පලතුරු බීම, Rainers රස කාරක සහ Rainers වර්ණ කාරක ආදී වූ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් මෙරට තුල බෙදා හැරීම සිදුකරනු ලබයි.

මේ පිළිබඳව විමසීම සඳහා එම ආයතනය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කල අතර වෙළඳ කළමනාකරු වන රුවන් මහතාට අමතන ලෙස දුරකථන ක්‍රියාකරු විසින් දුරකතන අංකයක් ලබා දුන්නද ඇමතුම සඳහා ඔහු ප්‍රතිචාර දැක්වුවේ නැත.

මීට ඉහතදී ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට මෙම සමාගම විසින් බෙදා හරින ලද ප්‍රමිතියෙන් තොර ජම්බෝ පීනට් වලට විරුද්ධව පැමිණිල්ලක් සිදුකර ඇති අතර යලි එවැනි දේ නොකිරීමේ පොරොන්දුව මත එය සමතයකට පත්ව ඇත.

Renuka Foods PLC සතු සමාගම් ජාලය

Related posts

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

පා.ම නාලක ගොඩහේවාගේ නිවසටත් ගිනි තබයි – සංවේදී සටහනක්

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට එරෙහිව කොටින්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday