extremism & terrorism activitiesWorld

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන් ඉන්දියාවට ඇතුළු කර නොගන්නැයි බලකරමින් ඉන්දියාවේ විරෝධතා රැළි පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“හින්දු සේනා“ පක්ෂය විසින් නව දිල්ලියේ ජන්ත්‍රාමන්ත්‍රා හීදී පෙරේදා දැවැන්ත විරෝධතා රැළියක් පවත්වා ඇති අතර, රොහින්ග්‍යා සංක්‍රමණිකයන් ජිහාඩ් ත්‍රස්තයන් බවත්, ඔවුන් මුස්ලිම් රටවලට පිටුවහල් කල යුතු බවත් කියමින් විරෝධතාවයේ නිරත විය.

රොහින්ග්‍යා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව මියන්මාර හමුදා මෙහෙයුම් ඇරඹීමත් සමග රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් තුන්ලක්ෂ පන්ස්දාහකට අධික පිරිසක් දේශසීමා හරහා බංග්ලාදේශයට ඇතුල් වී ඇත. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් දකුණු ආසියාතික රටවලට සංක්‍රමණය විමට සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවේ රැදී සිටින දාහතරදහසකට වැඩි රොහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසක් වහාම පිටුවහල් කිරීමට ඉන්දීය රජය ඉකුත් සතියේ තීරණය කළේය.


Related posts

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

සුඩාන අගමැති ඉවත්වෙයි

colombotoday