Colombo Today Local News

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මොළය ජීවානුහරණය කරගත් නිලධාරීන් චීන කක්කුසියේ රස බලන්න තවත් රසායනාගාර පරීක්ෂණ කරනවා

චීන කක්කුස්සි කබානික පොහොරවල රසායනාගාර පරීක්ෂණ තුනකින්ම විශ බැක්ටීරියා – දිලීර ඇති බව තහවුරු වූ පසුව තවත් පරීක්ෂණයකට සාම්පල් යොමු කර තියෙනවා. චීන කක්කුසියේ මුල – මැද දෙකම ලංකා පොළෙවට විෂ සහිත බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. චීන කක්කුසියේ රස බලන්න නිලධාරීන්ට තියෙන උනන්දුව වැඩිකමට තවත් රසායනාගර පරීක්ෂණයක් තියනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

ශාක නිරෝධායන සහතිකයක් නැතිව ලංකාවට චීන කක්කුසි ගෙන්වන්නට කෘෂිකර්ම බලධාරීන්ට තියෙන්නේ ඩොලර් හොයන මුදල් ඇමතිටත් වඩා වැඩි උනන්දුවක්. දැන් රසායනාගාර පරීක්ෂණ තුනකින් චීන කක්කුසි ලංකාවට ගෙනෙන්නේ රටට ආදරයට නොව කොමිස්වලට ඇති ආදරයට බව තහවුරු වෙලා තියෙනවා.

දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාලන ව්‍යූහය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. ඒක පාලනය කරන්නේ චීන අදිසි හස්ථයක්. එකේ ලංකාවේ නියෝජිතයා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියෙක්. චීන කක්කුසියේ කොච්චර විෂ තිබ්බත් මේ අය තවම සටන අතහරින්න සුදානම් නෑ.
වල් නාශක නැති නිසා මාතලේ, රජරට, නැගෙනහිර මහවැලි කලාපයේ බඩ ඉරිඟු වගාව සිදු කරන්නේ නෑ. දැන් සත්ව ආහාර සඳහා බඩඉරිිඟු ගෙන්වන්නට ව්‍යාපාරික ගජමිතුරෝ සුදානම් වෙනවා. අගමැතිවරයා දැනටමත් ඒ සඳහා අවසර ලබාදී තිබෙනවා.

තේ තවාන් සඳහා යොදන පණු නාශක, දිලීර නාශක හා පොහොර නැති නිසා මාතලේ – මහනුවර තේ තවාන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ජීවානුහරණය කළ මැටි පස්වල තේ දණ්ඩක් මුල් ඇදලා පැලයක් බවට පත්වෙන්නේ රසායන පොහොර, කෘෂි රසායනවලින් කියලා වැවිලි අමාත්‍යාංශයටත් කෘෂිකර්ම බලධාරීන්ට අමතක වෙලා.

ඩොලර් නැති නිසා කාබනික උන්මාදය පතුරව්වේ තේ මණ්ඩලයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහ පුටුවල ඉන්න වියත්තු කියන අවස්ථාවාදියෝ නඩයක් තමයි. ගජමිතුරන්ගේ ව්‍යාපාර කරන්න ගිහින් මේ වියතුන්ගේ මොළය දැන් ජීවානුහරණය වෙලා. මොළය වැඩ කරන්නේ නෑ. ලැජ්ජා නහර කැපිලා. චින කක්කුසියේම ලගින්න හදනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

Related posts

දුරකථන සංවාද හඬපට අන්දෝලනය තුළින් පිළිඹිබු වන්නේ රටේ සදාචාර පරිහානියයි. – කථානායක කරු ජයසුරිය

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.

colombotoday