Colombo Today Local NewsTop Stories

අශෝක් ස්ටීල් හා RS ස්ටීල් කම්බි බාලයි ? කම්බි ලොවේ කම්බ හොරු.

අශෝක් ස්ටීල් පුද්ගලික සමාගම (Ashok Steel Industries (Pvt) Ltd) හා ආර්.එස්.ස්ටීල් යකඩ බාර් නිෂ්පාදකයින් වන අයි.ඩබ්ලිව්.ඩබ්ලිව්. ස්ටීල් ඉන්ඩස්ට්‍රීස් (IWW Steel Industries (Pvt.) Ltd) වසර ගණනක සිට බාල දඟර කම්බි නිෂ්පාදනය කරමින් දැවැන්ත වංචාවක් සිදු කරන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ඇතුළු පිරිසක් පසුගිය දිනක අදාළ සමාගම් දෙකේ තත්ත්වයෙන් බාල දඟර කම්බි ද රැගෙන තත්ත්වය පරික්ෂා කරන්නැයි කියමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට යාමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති විය.

ප්‍රමිති ආයතනය විසින් පිරිනමන SLS තත්ත්ව සහතිකය මෙම සමාගම් විසින් ලබාගෙන ඇති නමුත් එම තත්වයට ගැලපෙන පරිදි මෙම සමාගම්වල නිපදවන වානේ කම්බිවල ප්‍රමිතියක් නොමැති බව එහිදී ඔවුන් විසින් හෙළිකළේය.

එසේම පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් අදාළ වංචාව සම්බන්ධයෙන් පියවර නොගන්නා බවට ද ඔවුන් එහිදී චෝදනා කළේය.

එම අවස්ථාවේ දර්ශන…

මේ සම්බන්ධයෙන් රංජිත් විතානගේ මහතා කියා සිටියේ දඟර කම්බි නිෂ්පාදනය සඳහා SLS සහතිකය අනිවාර්ය බවත්, එම සහතිකය තිබූ පමනින් පමණක් දඟර කම්බි තත්ත්වයෙන් උසස් නොවන බවයි.

යකඩ ටොන් එකකින් නැත්නම් යකඩ කිලෝ 1,000කින් සෑදිය හැකි උපරිම දඟර කම්බි ගණන 283ක් බව පවසන විතානගේ මහතා අශෝක් ස්ටීල් පුද්ගලික සමාගම (Ashok Steel Industries (Pvt) Ltd) හා ආර්.එස්.ස්ටීල් යකඩ බාර් නිෂ්පාදකයින් වන අයි.එබ්ලිව්.ඩබ්ලිව්. ස්ටීල් ඉන්ඩස්ට්‍රීස් (IWW Steel Industries (PVT) Ltd) වැනි ආයතන යකඩ ටොන් එකකින් දඟර කම්බි 283ත් 320ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව කියා සිටී.

එසේ බාල දඟර කම්බි නිෂ්පාදනය කරමින් ඔවුන් යකඩ ටොන් එකකින් රුපියල් 16,000 ක පමණ අයුතු ලාබයක් උපයන බවද ඔහු කියා සිටියේය.

දඟර කම්බි මාෆියාව සම්බන්ධයෙන් විතානගේ මහතා සිදුකරන ලද හෙළිදරව්ව. (වීඩියෝ)

දානපති රමේෂ්

ආර්.එස්.ස්ටීල් යකඩ බාර් නිෂ්පාදකයින් වන අයි.එබ්ලිව්.ඩබ්ලිව්. ස්ටීල් ඉන්ඩස්ට්‍රීස් (IWW Steel Industries (PVT) Ltd) හි හිමිකරුවන්නේ ආචාර්ය රමේෂ් සිවලිංගම් මහතාය.

ඔහු සමාජ සේවකයකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලන අතර ගීත වීඩියෝ සඳහා ද විශාල වශයෙන් මුදල් වියදම් කරනු ලබන අයෙකු ලෙස ද ප්‍රකටය.

මේ අතර, පසුගිය කාලයේදී රමේෂ් සිවලිංගම් මහතා, නිරූපිකාවක් වන හසිනි සැමුවෙල්ස් සමඟ ගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ද මතුව තිබිණි.

අශෝක් ස්ටීල් ඉන්දීය එකක්

අශෝක් ස්ටීල් පුද්ගලික සමාගම (Ashok Steel Industries (Pvt) Ltd) ආයතනය ඉන්දීය සමාගමක් වන Ashok Magnetics Ltd. හි අනුබද්ධිත ආයතනයකි.

අවම වශයෙන් මෙරට කොන්ක්‍රීට් වැර ගැන්වීමට යොදනා යකඩ කම්බි නිෂ්පාදනය සහ අලෙවිය මසකට මෙට්‍රික් ටොන් 45,000 ක් පමණ වන බව වාර්තා වේ.

අදාළ යකඩ නිෂ්පාදන සමාගම් සිදු කරනු ලබන මහා පරිමාන බදු වංචාවක් හේතුවෙන් වසරකට රුපියල් මිලියන 5000 (බිලියන 5) කට ආසන්න බදු ආදායමක් රජයට අහිමි වෙමින් පවතින බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

Related posts

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Admin

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday