Colombo Today Local Newsextremism & terrorism activities

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(3) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් “ලෝක සෞඛ්‍ය සංවිධානය කිවුවා කොරෝනා මරණයක් සිදුවනකොට ඒ පාර්ශවල කැමැත්ත අකමැත්ත අනුව භූමිදානය, ආදාහනය කරන්න පුළුවන් කියලා. මරණ පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමට අනුව. නමුත් අපේ රට අන්තවාදී තීන්දුවක් ගත්තා.” යැයි චෝදනා කර සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් සඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය “සෞඛ්‍ය සේවයේ විශේෂඥයින්ගේ උපදෙස් අනුව ඒ අවස්ථාවේ තීන්දුවක් ගත්තේ තාක්ෂණික නිර්වචන අනුවයි.” යැයි සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජල ස්තරය පොලව මතුපිටට ඉතා කිට්ටුවෙන් පිහිටීම හේතුවෙන් කිසිලෙසකින් කොරෝනා මරණ ආදාහනය නොකළ යුතු බවට භූ විද්‍යා මහාචාර්යවරු අදහස් දක්වමින් මීට ඉහතදී සඳහන් කර සිටියා.

Related posts

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

colombotoday

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ඒජන්තයා කවුද ? – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday

අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කරගනු ලැබුවා

colombotoday

අලුත් මුදල් ඇමති වැඩ පෙන්නයි… ආ ගමන් සහන මල්ලක් දෙයි…

colombotoday