Colombo Today Local Newsජනාධිපතිවරණය

ඉහළම තැන්වලින් සජිත්ට කැපිලි… සජිත්ගේ ගෝල්ෆේස් රැළිය යහපාලන රැකියාලාභීන්ට තහනම් !

බහුතරයක් එජාප පාක්ෂිකයන්ගේ බල කිරීම මත සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සිදු වුවද, මැතිවරණ ව්‍යාපාරය සදහා රනිල් හිතවාදී එජාප ජේෂ්ඨයන්ගේ ලැබෙන සහයෝගය ඉතා ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇති බව සජිත් හිතවාදීන් පවසති.

නාම යෝජනා භාර දීමේ අවස්ථාව සදහාද එජාපයේ කිසිදු ජේෂ්ඨයෙකු සහභාගී නොවූ අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ තනියට පැමිණ සිටියේ හෙළ උරුමයේ චම්පික රණවක ඇමතිවරයා පමණක් වීමද කැපී පෙණිනි.

මේ අතර 10 වැනිදා ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ සමාරම්භක ජන රැළිය සදහා සහභාගී නොවන්නැයි, යහපාලන රජයෙන් රැකියා ලබාදුන් බොහෝ පිරිස්වලට කුලියාපිටිය පක්ෂ ලේකම් කාර්යාලයෙන් ඇමතුම් ලැබී ඇති බවද සජිත් පාර්ශවයේ ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

colombotoday

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළට

colombotoday

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලන වැඩපිළිවෙලට බාධාවක් – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සෞඛ්‍ය ඇමතිය කියයි

colombotoday

අගාධයට වැටුණු රට විශ්වාසභංගයෙන් පසු ගොඩ ගන්න පුලුවන් කාටද? – හිටපු ඇමති විජේදාස කියයි

colombotoday

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday